mahinda-meeting

10.45pm Update
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමග අද රාත්‍රී අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ලබාගත් තීරණ සම්බන්ධයෙන් හෙලිදරව්වක් කිසිවෙකුනොකළ නමුත් ලැබී ඇති ආරංචි වලින් කියැවෙන්නේ තවදුරටත් ඇමතිවරුන් නැතිව රජය ගෙනයාම අපහසුවීම මත නව කැබිනට් මන්ඩලයක් පිහිටුවන්නට අගමැතිවරයා කථිකා කරගත් බවය.


ඒ අනුව නව කැබිනට් මන්ඩලයක් හෙට (6) පොහොට්ටුව මූලිකවී යලි පිහිටවනු ඇත.
කෙසේ වෙතත් රාජපක්ෂ වරුන් රහිත නව කැබිනට් මන්ඩලයට අලුත් මුහුණු එක්වනු ඇතැයි පැවසේ.
මේ වනවිට ඇමතිකං ලබාගන්නට සජබ,එජාප,ජවිපෙ හෝ සුළු ජන පක්ෂ කිසිවෙකු නිල වශයෙන් ඉදිරිපත්ව නැති අතර පොහොට්ටුවේ ස්වාධීන බව පැවසූ කණ්ඩායමේ කිහිපදෙනෙකු ඇමතිකං පොරොන්දුව මත යළි තීරණ වෙනස් කරගෙන ඇමතිධූර වල පිහිටුවන්නට එකඟ කරගෙන ඇති බව වාර්තාවේ.
ඒ අනුව ඊයේ 117 දක්වා අඩුවී තිබූ මහින්දගේ කන්ඩායමට අද වනවිට 121 ක් සහභාගී වූ අතර වැඩිවූ 4 දෙනා හෙට ඇමති ධූර ලබාගනිද්දී දැනගත හැකිවනු ඇතැයිද වාර්තාවේ.

මෙම කන්ඩායමට ලංකා කම්කරු කොංග්‍රසය හා විමල්ගේ පිරිස් අයත් නැති බවද වාර්තාවේ.
කෙසේ වෙතත් ආණ්ඩුව තමන් විසින්ම ඔලුගෙඩි මාරුවකින් ඇමති ධූර වෙනස් කරගෙන පවතින අර්බුදයට විසඳුම් සෙවීමේ අසාර්ථක වෑයමක නිරතවන බවට විවේචන මතුව ඇත.


ජනතාව ඉල්ලා සිටින වෙනසක් මේ හරහා සිදුවේද යන්න සැක සහිත වන අතර මේ නිසා ඉදිරි වර්ජන ක්‍රියාමාර්ග හා උද්ඝෝෂණ නිමාවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.

7 pm Update
අගමැති මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද(06) රාත්‍රියේ කැදවා තිබෙන බව වාර්තා වේ. රාත්‍රී 07.30ට අරලියගහ මන්දිරයේදී ආරම්භ වී ඇති මෙම රැස්වීමේදී

රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කර තීරනාත්මක නිගමන වලට එළැඹෙන්නට නියමිත යයිද පැවසේ.