ministers-sworn-in-today

11.15am
මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්වූ අලි සබ්‍රි මහතා යළි එම තනතුර බාරගෙන ඇති බව වාර්තා වේ. අයිඑම්එෆ් කටයුතු ඔහු ලවා කරගන්නට අවශ්‍ය නිසා වෙනත් කෙනෙකු නොයොදා සබ්‍රී ලවාම කරගැනීම ජනපතිගේ උවමනාව වී තිබේ.
ඒ අනුව අද උදෑසන සබ්‍රි මහතා එම තනතුරේ යළි දිව්රුම් දී ඇති බව දැනගන්නට ඇත.


මෙසේ බලද්දී මෙම ඇමතිධූර දිවුරුම් දීම ඉල්ලා අස්වීම විහිළුවකට ගෙන ඇත.සෙසු කැබිනට් මන්ඩලය පිහිටුවීම ලබන සතියකට කල් දැමූ බව අලුත්ම ආරංචි වාර්තා කරයි.
මෙය උපායශීලී තීරණයක් බවද දැනගන්නට ලැබේ. සිංහල අවුරුද්ද වෙත ජන අවධානය යොමු කර වැඩිපුර නිවාඩු ලබාදී පිරිස ගම්වලට යාම හෝ චාරිකා යාම සඳහා පෙළැඹවීම තුළින් ව්‍යාකූල දේශපාලන වාතාවරණය අමතක කරවීම එක් අරමුණක්වී ඇතැයි දැනගන්නට ඇත.

එසේම මේ වනවිට ශ්‍රීලනිපය ඇමති ධූර බාරගැනීමට ව්‍යංග කැමැත්තක්පළ කර තිබෙන අතර නියෝජ්‍ය කතානායක පදවිය යළි භාරගන්නට සියඹලාපිටිය මහතා කැමතිවී ඇත.
මෙම වාතාවරණය තුළ රජය පැවති ස්වරූපයට යලි හරවාගන්නට හැකියාවක් ඇති බවත් ජනතාවට උද්ඝෝෂණ අමතක කරවන්නට අවුරුදු සමය උපක්‍රමශීලීව යොදාගත හැකි බවටත් වැටහී තිබේ.


පෙර වාර්තාව පහතින්
8.30 am
අද (8) උදෑසන අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලයක් ජනාධිපතිවරයා ඉදිරිපිට දිවුරුම් දීමට නියමිතය. මෙහිදී දැනට ඇමති ධූර දරන දිනේෂ්,ජීඑල්  හා ජොන්ස්ටන්ට අමතරව පවිත්‍රා වන්නි ආරච්චි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධ කර ලබාදෙනු ඇති බවට දේශපාලන ආරංචි පවතී.



කෙසේ වෙතත් බැසිල්ගෙන් අල සබ්‍රීට ගොස් සබ්‍රී ඉවත්වීමෙන් පුරප්පාඩුවූ මුදල් ඇමති ධූරය බන්දුල ගුණවර්ධන වෙත ලබාදෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පැවතියත් ඔහුට එම තනතුර ලබා නොදීමට රජය තීරණය කර ඇතැයිද වාර්තාවේ. ඒ වෙනවුට එය ලබාදෙන්නේ කාටද යන්න ඊයේ රාත්‍රිය වනතුරු සාකච්ඡා පැවති බවද කියැවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡා අවසන් කරන තුරු ඇමැති ධුරයේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා අලි සබ්‍රි මහතාට දැනුම් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කර තිබෙන බැවින් අද මුදල් ඇමති ධූරයක් පිරි නොනමනු ඇතැයිද කියැවේ.

තිහක සීමාවේ තිබූ කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට යෝජනා වී ඇතඅතර අද දිවුරුසම් දෙන්නේ 15 ක් හෝ ආසන්න ගණනක් විය හැකි බවද  ආරංචිමාර්ග සඳහන් කර තිබේ.

ඇමැති ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (7 වැනිදා) රාත්‍රිය වනතුරුම ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා පැවැත්විණි. ක

ැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට (8 වැනිදා) දින හයක් ගතවී ඇති අතර රටේ වැදගත් තීරණ තීන්දු ගැනීමට හා ගැසට් නිවේදන නිකුත් කිරීමට මෙම ඇමති ධූර නොමැතිකම ගැටලු මත කර ඇත.
ජනතා උද්ඝෝෂණ මගින් ඇමතිවරුන් මාරු කරන ලෙස ඉල්ලා නොසිටි නමුත් රජයව උත්සාහ කළේ එම තනතුරු මාරු කර හැඩය වෙනස් කරන්නටය.
කෙසේ වෙතත් ඇමති ධූර වෙනස් කිරීම නිසා රාජපක්ෂවරුන්ගෙන් දැනට අගමැති මහින්ද රාජපක්ෂ හැර සෙස්සන්නට තනතුරු අහිමිව යාම පමණක් සිදුවිය.