ගාලු මුවදොර පිටියේ පැවතෙන අරගලයේ සිටින ජනතාවට සහය ලබාදෙමින් ප්‍රකට නළු ප්‍රියන්ත සෙනවිරත්න මහතා එහි රැස්ව සිටි පිරිස අමතමින් ඔහුගේ අදහස් මෙසේ පළ කර සිටියේය.
" මේ අරගලය සර්ව සාධාරණයි. ඒ වෙනුවෙන් සමස්ථ කලාකරුවන් හැටියට අපි ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් සමස්ත ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා.. මේ වේලාවේ මට මතක් වෙනවා විශාරද ගුණදාස කපුගේ මහත්මයා, ඒ වගේම අපේ ප්‍රවීණ නාට්‍යෙව්දී ලුෂන් බුලත්සිංහල මහත්මයා.1971 න් පසුව ඇතිවෙච්ච මේ දේශපාලන ධාරාවට අලුත් නාට්‍යක් එකතු කලා රතු හැට්ටකාරී කියලා. ඒ නාට්‍යයේ යස ඉසුරු කියන ගීතයෙන් කියැවෙනවා අපේ බලාපොරොත්තුව ඈතක නෙමෙයි.. ළඟයි.. ජයග්‍රාහණය කල හැකියි.."
එසේ ඔහු පවසමින් එම ගීතය එතැන රැස්ව සිටි පිරිස සමඟින් ගයනා කළේය.
0 Comments