1pm Update
කෑගල්ල -අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක නිරත වන අතර ගාල්ල නගරයේ පැවැත්වෙන විරෝධතාවක් නිසා එම නගරයේ මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙයි.
12pm Update
පානදුර නගරය අවහිර කරමින් පැවති විරෝධතාවෙන් පසු ගාලු පාර වසා ඇති අතර නගරයේ කඩවල් වසා ඇත.
මහනුවර දිගනදී විරෝධතාවයක්ද අද උදේ සිදුවිය. බදුල්ල -නුවර මාර්ගය මොරගස් මංසන්ධියෙන් අවහිර කරමින් විරෝධතාවක්ද වාර්තාවේ.
කොළම පුත්තලම හා ත්රීකුනාමල මාර්ග අවහිර කරමින් රාජාංගනයේ විරෝධතා ඇරඹී තිබේ.
කොළඹ-කුරුණෑගල මාර්ගය දියගම්පල හා කොටදෙණියාවෙන් අවහිර කරමින් විරෝධතාවක් දියත්වේ.
මාතර වැල්ලවාය ප්රධාන මාර්ගය තංගල්ලෙන් අවහිර කරමින්ද ධීවර වීරෝධතාවක් පැවැත්වේ.දඹුල්ල නගරය මධ්යෙය්ද විරෝධතාවක් ක්රියාත්මකය. අම්බලන්ගොඩ පාසල් වෑන් හිමියන්ගේ විරෝධතාවක්ද පැවැත්වේ.
11am Update
ඉන්ධන අඩුමිලට ලබාදෙන ලෙස ඉල්ලා අදත් දිවයිනේ ප්රදේශ කිහිපයක මාර්ග අවහිර කරමින් මේ වන විට උද්ඝෝෂණ පැවැත්වේ.
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගය අවහිර කරමින් බලපිටිය නගරයේද පානදුර නගරයේ සියලු මාර්ග අවහිර කරමින් පානදුර ප්රධාන බස්නැවතුම අසලද දඹුල්ල කොළඹ මාර්ගය හරස් කරමින් දඹුල්ල නගරයේද තංගල්ල ප්රධාන මාර්ගය අවහිර කරමින් තංගල්ල නගරයේද නුවර එළිය බදුල්ල මාර්ගය අවහිර කරමින් වැලිමඩ නගරයේද මේ වන විට ජනතාව උද්ඝෝෂණවල නිරතව සිටිති.
0 Comments