කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (11දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසීය.
“අද මුළු රට පුරා ගෝඨා ගෝ හෝම්, රාජපක්ෂ ගෝ හෝම් කියමින් මේ ගෝඨාභය ඇතුළු මුළු රාජපක්ෂ පවුලම රටින් පන්නා දැමීමේ මහා දැවැන්ත මහජන විරෝධයක් ඇවිත් තිබෙනවා. මේ මුළු ජනතාවම මේ තත්ත්වයට පත් වුණේ ආහාර නෑ, දරුවන්ගේ කිරිපිටි නෑ, ලෙඩ්ඩුන්ට බෙහෙත් නෑ, ඉන්ධන නෑ, ඒ නිසා විදුලිය නෑ. ගොවියන් පොහොර ඉල්ලලා ආරම්භ වුණු මේ ආර්ථික විරෝධය අද සෑම ක්ෂේත්රයකටම ගිහින් තිබෙනවා. අද මේ වනවිට ගාලුමුවදොර දසදහස් ගණන් ජනතාව ඇවිල්ලා පදිංචි වෙලා තිබෙනවා.
ජනාධිපති කාර්යාලය වටළලා, ජනාධිපතිට ජනාධිපති කාර්යාලයට ඇතුළු වීමේ හැකියව නැතිවෙලා තිබෙනවා. මේක ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම තිබෙන තත්ත්වය ඒකයි. අද බැලුවොත් ලෝකයේ ශ්‍රී ලාංකිකයන් වෙසෙන සෑම රටකම ප්‍රධාන නගරවලට ශ්‍රී ලාංකිකයන් රැස්වෙනවා. එලෙස ශ්‍රී ලාංකිකයන් රැස්වෙලා ගෝඨා ගෝ හෝම් කියන සටන් පාඨය යටතේ සෑම තැනකින්ම ගෝඨාභයට යන්න කියලා කියනවා. මේ අයම තමයි 2019දී සිංහ කොඩි අතේ දරාගෙන ගෝඨාභයව ගේන්න ඒ සෑම නගරයකම වීදි බැස්සේ. අද ඒ අයම කියනවා ගෝඨා ගෝ හෝම් කියලා. අපි ප්‍රධාන විපක්ෂය ලෙස පහත සඳහන් යෝජනා සම්මත කරගත්තා. එකක් තමයි මේ රජයට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම. ඒකට අවශ්‍ය වන්නේ 113යි ඡන්ද. මන්ත්‍රීවරු 113ක් අපට සහයෝගය දෙනවා නම් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වෙනවා.
ඒ අනුව මේකට අත්සන් ගැනීම පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදීම ආරම්භ කළා. මේ සඳහා අනෙකුත් සියලු පාර්ශ්ව එකතු කරලා, රජයේ ස්වාධීන වෙලා තිබෙන කණ්ඩායම් 04ත් සමග කතා කරලා මේක ජයග්‍රහණය කරගැනීම තමයි පළමුවෙනි වැඩපිළිවෙළ. දෙවැනි එක තමයි ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේනකොට අපි 113ක් අත්සන් කළොත්, ඒ දෝෂාභියෝගය භාරගැනීමේ අභිමතය තිබෙන්නේ කථානායකවරයාට. අපි අත්සන් 150ක් ඉදිරිපත් කළොත් ඒ අනුව ඔහුගේ අභිමතය නැති වෙලා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න පුළුවන් වෙනවා. නමුත් අපි දෝෂාභියෝගය ඉදිරිපත් කරලා එක්කෙනෙක්ව පන්නලා, තවත් එවැනිම ජනාධිපතිවරයෙක් පත් කිරීමේ අදහසේ නෑ. ඒ සඳහා අපි යෝජනා දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනවා.
ඒ සඳහා අපි පනතක් ගේනවා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. අපි මේ සඳහන් කළ ක්‍රියාමාර්ග අරගනිමින් අපි ලෑස්තියි එතැනදී ඇතිවෙන කාලපරිච්ඡේදයක් සඳහා අන්තර්කාලීන රජයකට යන්නට"
0 Comments