rambukkana-5-deaths-cardinal

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් තරුණයන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බවට නිල නොලත් අරංචි මාර්ග තිබෙන බව දක්වමින් රඹුක්කන සිදුවීම ගැන අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි සංවේගය පළ කරයි
සංවේගයෙන් යුතුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළහ.



"පසුගිය දින රඹුක්කන ප්‍රදේශයේ සිදු වු පොලිස් වෙඩි තැබීමෙන් තරුණයන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තවත් පස්දෙනකු දැඩි ලෙස තුවාල ලබා ඇති බවට නිල නොලත් අරංචි මාර්ග අපට පවසනවා.

පලමුවෙන්ම ඝාතනට ලක් වු තරුණයන්ට සහ ඔවුන්ගේ දෙම්ව්පියන් ඇතුළු හැමදෙනාටම අපගේ බලවත් සංවේගය පල කරනවා..අද රටේ උදාවෙලා තියන දුෂ්කර ආර්ථීක පසුබිම තුළ බඩවියත රැක ගැනීම සඳහා ඉන්ධන ඉල්ලා පරට බැස උද්ඝොෂණයක යෙදුණ අහිංසක ජනතාවට පොලිසියි විසින් වෙඩි තැබීම අපි කිසිසෙත් පිළිගන්නේ නැහැ.. රඹුක්කන සිදුවුන මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ස්වාධීන සහ විනිවිද බවින් යුතු පරීික්ෂණයක් කර වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන ලෙස අපි රජයෙන් දැඩිලෙස ඉල්ලා සිටිනවා."