rambukkana-clash-1-dead


 9.00pm update
සිද්ධියෙන් මිය ගිය ගණන දැනට 1 ක් වන අතර බරපතල තත්වයේ 3 ක් පසුවේ. තුවාල ලද ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 8 දෙනෙකු පොලිසියේ සාමාජිකයන්ය.

6.30pm update
රඹුක්කන දුම්රිය මාර්ගය හරස්කරමින් විරෝධතාවයක නිරතවූ පිරිසට පොලිසිය කඳුළු ගෑස් එල්ල කර විසුරුවා තිබේ.


සිදුවීම වූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු කිහිපයක් මේ වන විට හමුවී තිබෙන බැවින් පොලිසිය වෙඩි තැබුවාද යන්න සැකයට භාජනය වී ඇත.
තුවාල ලද පිරිස 11 ක් බවත් 4 ක් බරපතල බවත් වාර්තා වන අතර බරපතල තත්වයට පත්වූ එක්අයෙකු රෝහලේදී මරණයට පත්ව ඇතැයිද වාර්තා විය.
ආණ්ඩුව එක් රැයකින් ඉන්ධන මිල දරාගත නොහැකි ආකාරයට ඉහළ දැමීමට විරෝධය පා  විරෝධතාවය අද උදෑසන පටන් දුම්රිය ධාවනයටද බාධා කරමින් රේලි පිලි අසළ ගිනි ගොඩවල් ගසමින් මෙම විරෝධතාව දැඩි ලෙස ක්‍රියාත්මක කර තිබුණි.