rambukkana-geneva

ඊයේ (19) රඹුක්කන පුද්ගල ඝාතන සිදුවීමෙන් පසු අද 20 දින රූපවාහිනී වැඩසටහනක සම්මුඛ සාකච්ඡාවකට එක්වූ නීති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා අර්බුදකාරීත්වය මේ වන විට ජාත්‍යන්තරය වෙත ගමන් කර ඇති බව දන්වා සිටියේය. ඊයේ සිදුවීම පිළිබඳ සංස්කරණය නොකළ දර්ශන ජිනීවා මානව හිමිකම් කොමිසමට

මේ වනවිට ඉදිරිපත්
 වී ඇති බව තමන්ට දැනගන්නට ලැබුණ බව ඔහු හෙළි කළේය.


 පොලීසියට උපරිම බලය ඇත්තේ මර්දනකාරී සහ කලහකාරී අයුරින් හැසිරෙන පුද්ගලයෙකුගේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පමණක් බවත් නිරායුධ සිවිල් වැසියන්ට එල්ල කළ මෙම ප්‍රහාරය ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් නිසා පොලිසියේ නෛතික මර්දන හැකියාව ඉක්මවා යාමක් ලෙස දිස්වන බව කීය.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ ද සඳහන් වන්නේ, කිසියම් පිරිසක් ප්‍රකෝපකාරීව හැසිරීම හෝ අවි
ආයුධ ගෙන පොලිසියට පාලනය කරගත නොහැකි තැනකට පත් වන්නේ නම්, උපරිම කඳුලු ගෑස්, බැටන්
ප්‍රහාර, රබර් උණ්ඩ ප්‍රහාරයි.   ඊටත් එහායින් සිදු කළ හැකි ප්‍රහාරය වන්නේ උපරිම වශයෙන්
දණහිසෙන් පහළට වෙඩි තැබීම පමණයි. ඔහු පැහැදිලි කළේය.


 වහාම ස්වාධීන පරික්ෂණයක් කරලා  ඒ අනුව ලංකාවේ තියෙන දණ්ඩ නීති සංග්‍රහය යටතේ
ක්‍රියා කළ හැකියි.
මේ සිදුවීම් මාලාව මේ වන විට ජිනීවාවලට ගිහිල්ලා ඉවරයි.  සංස්කරණය නොකල දර්ශන ගිහිල්ලා
තියනවා. ඒ අය අහනවා මේ මොකද වෙන්නේ කියලා.
අයිඑම්එෆ් එකත් එක්ක සාකච්ඡා යනවා. මේ වෙලාවේ  ජනතාවත් තමන්ගේ භාෂණය සාමකාමීව
ප්‍රදර්ශනය කළ යුතුයි‍. පොලිසියත් තමන්ගේ සීමා තුළ සිටගෙන කටයුතු කළ යුතුයි... ඔහු කීය.