rambukkana-incident-update

පසුදින සිදුවු රඹුක්කව වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එතැන සිට පොලිස් වෙඩි පහරින් තුවාල ලැබු පුද්ගලයකු එම සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ සිදුවීම පැහැදිලි කලේ මෙසේය.



"පොලිසිය තමයි මේකට මුල..ඔවුන් කඳුලු ගෑස් නොගැහුවා නම් කිසිම ගැටළුවක් මෙතන වෙන්නේ නැහැ. පොලිසිය තමයි මේකට සම්පුර්ණම වගකියන්න ඕනේ. අපි දවල්ට කෑම හැදුවා රෑට කැම හැදුවා අපිිට නුඩ්ල්ස් 50kg හම්බ වුනා.අපි එ ටික ගෙනත් අනිත් බඩු ටික අරගෙන ලෑස්ති කරගෙන ඉද්දී තමයි මේගොල්ලෝ කඳුලු ගෑස් ගැහුවේ.. මෙයාලා කදුලු ගෑස් නොගැහුවා නම් එක ලේ බිංදුවක්වත් මහපොළවට වැටෙන්නේ නැහැ.අපේ වෙඩි වැදුනෙ කිරි සුද්ද අයියට ,



ඒ පුද්ගලයාව තනියෙන්ම ඒම් කරලා තමයි වෙඩි වැදුණේ..එතන හිටියා එ.එස්.පී ධර්මරත්නයි රඹුක්කන ඕඅයිසී බණ්ඩාරයි. දෙන්නා අතරින් ඇවිදින් තමයි මේ පුද්ගලයාගේ බඩට වැදුනේ.. එක සැක සහිතයි. ඉලක්කගත පුද්ගලයින්ට මෙයාලා වෙඩි තිබ්බේ.එකට නීතියෙන් සාධාරණයක් වෙන්න ඕනේ..අපි කිසිම දවසක අරගල කරලත් නැ, කිසිම ආණ්ඩුවකට විරුද්ධව පෙළපාලි ගිහිල්ලත් නැහැ.. "