දැනට රට තුළ පැවැත්වෙන්නේ මෑත ඉතිහාසයේ සංවිධානය කෙරුණු දැවැන්තම විරෝධතාව බවත් එම විප්ලවය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් එය පුපුරා යා හැකි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන තරුණ පිරිස් විසින් මෙම බලවේගය මෙහෙය වන අතර ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවද එජාප නායකයා පෙන්වා දුන්නේය.
රටේ සිටින සාම්ප්‍රදායික දේශපාලකයන් ප්‍රකාශ කරන කිසිවක් මෙම තරුණ බලවේගය විසින් විශ්වාස නොකරන බවද එජාප නායකයා සඳහන් කළේය. හෙතෙම මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (11 වැනිදා) සවස මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිණි. හෙතෙම එහිදී මෙසේද පැවැසීය.
‘‘මේක තමයි මෑතකාලීනව පැවැත් වුණ විශාලතම විරෝධතාව. මේකට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. හරිම සාමකාමියි. කවුරුවත් බීල හිටියේ නැහැ. රතිඤ්ඤා පත්තු කළේ නැහැ. ඔවුන් දෙන්නේ එක පණිවුඩයක්. මේක තරුණයන්ගේ අලුත් බල කේන්ද්‍රස්ථානයක්. ඔවුන් කියන්නේ ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා. ගිය සතියේ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය ගැනත් ඔවුන් සෑහීමකට පත්වෙලා නැහැ.’’
කවුද මේ බලය? ඔවුන් තරුණයෝ. මේක පටන්ගත්තේ මධ්‍යම පන්තියේ ව්‍යාපාරයක් විදිහට. ඒත් ඉදිරියට අවේ තරුණයෝ. ඔවුන් තමයි දැන් සංකේතය. ඔවුන් කියන්නේ ‘අපිට අපේ අනාගතය හදල දෙන්න.’’ කියලා. ‘‘ඒක කරන්න බැරිනම් අපි කරන්නම්.’’ කියලයි ඔවුන් කියන්නෙ. තරුණයෝ කියන්නේ ‘‘ගෝඨා ගෙදර යන්න’’ කියලා. නමුත් ගෝඨා ගෙදර ගිහින් නැහැ. ගෙදර යවල තියෙන්නේ මං විතරයි. ඒ නිසා මේ කාලය තුළ මේ තත්ත්වය ගැන ටිකක් හිතල බලන්න මට අවස්ථාව ලැබුණා.’’
මේ විප්ලවය පෙරළියක්. මේක නොකෙරුවොත් පුපුරනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව වෙනස් කරන්න කුමන්ත්‍රණය කරනවා. නමුත් තරුණ පිරිස හදන්නේ අලුත්ම දේශපාලන පෙරළියක් කරන්න.’’
මේ හානිය තවම පටන්ගත්තා විතරයි. ජූලි, අගෝස්තු වෙනකොට හුඟක් අයට ජීවත් වෙන්නත් අමාරුවෙයි. ඊයේ පෙරේදා මහ බැංකුවෙත් පොලී අනුපාත වැඩි කළා. ඒක කළ යුතු දෙයක්. නමුත් ආරම්භයේදී කුඩා ව්‍යාපාරිකයන්ට ඒකෙන් පහර වැදෙනවා.’’
0 Comments