ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම සිය ෆේස් බුක් පිටුව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම විශේෂ සටහනක් තබා තිබේ. මේ ‘දැන් ඇති‘ කිය යුතු මොහොතයි... යන්න ඔහු මෙසේ පවසයි.
'දැඩිව කලකිරුණු හදින් මේ සටහන තබන්නේ, මගේ රට අදූරදර්ශී පාලකයන් නිසා මේ මොහොතේ පවතින ආර්ථික අවපාත තත්ත්වය දැකිමෙන්.
මෙකී පාලකයන්ට වඩා මම මගේ රටට ආදරය කරන සහ දේශප්රේමී මිනිසෙකු යැයි මා ආඩම්බර වන්නේ අවස්ථාව ලැබී තිබියදීත් මම මෙරටින් පිට නෙවෙී සිටින නිසායි.මම මේ මොහොතේ ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙසයි. මේ අප එක්ව එක හඬින් "දැන් ඇති!" කියා කිය යුතු මොහොතයි.මා මෙරටේ මිනිසුන් සමග එක්ව නැගී සිටින අතර, මගේ ලස්සන මවු රට මේ අඳුරින් මුදවා ගෙන අනාගත පරපුරට සාමකාමී වටපිටාවක් ඇති කිරීමේ පොදු අරමුණින් මේ වෙනුවෙන් වෙහෙසෙමි.'
0 Comments