රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතාගේ පොලොන්නරුව බැදිවැව නිවසට කඩා වැදී 300ක පමණ කණ්ඩායමක් නිවසට හා වාහන වලට අලාභ හානි කර බඩු භාණ්ඩ ආදියට හානි සිදුකර තිබෙන අතර
අමාත්‍යවරයාගේ පොළොන්නරුව කාර්යාලයටද ප්‍රහාරයක් එල්ල කර ඇත. පිරිස් නිවසින් ඉවත් කිරීමට පොලිසිය විසින් කඳුලූ ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ. මේ අය තමන් හඳුනාගන්නට බැරිවන ලෙස හෙල්මට් පැළඳ සිටි බවද වාර්තාවේ.
මෙම පිරිස රජයට එරෙහි විරෝධතා පළකරන්නන් ලෙස හඳුනාගත නොහැකි වන අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පුද්ගලික හෝ දේශපාලන එදිරිවාදිකම් පිරිමසන්නන් විය හැකි බවට අනුමාන කෙරේ.
සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.
0 Comments