ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකිකයන් මේ පසුකරමින් සිටින්නේ සිතාගත නොහැකි දුෂ්කරම කාල පරිච්ඡේදයක් බවත්, ජනතාව සහ ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කිරීම අවශ්‍ය බවත්ය.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු කියා සිටියේ, “ශ්‍රී ලාංකිකයන් පසුකරමින් සිටින්නේ සිතාගත නොහැකි දුෂ්කරම කාලයකය. දවස ගත කිරීමට වෙහෙසෙන මිනිසුන්ගේ සහ පවුල්වල බලාපොරොත්තු සුන්වීම දැකීම හද කම්පා කරවන සුළුය. සෑම දිනක්ම ඔවුන්ට වඩාත් දුෂ්කර වේ. ”
“ජනතාව හඬ නඟා අවශ්‍ය දේ ඉල්ලා සිටී: විසඳුමක් නැත. ඒ හඬට ඇතැමුන් අමනාපයෙන් හා කෝපයෙන් ප්‍රතිචාර දක්වද්දී තවත් සමහරු එයින් අනිසි ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරති. නිවැරදි තේරීම වන්නේ ජනතාවට ඇහුම්කන් දී විනාශකාරී පෞද්ගලික සහ දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමයි.”
“ජනතාව සතුරෙක් නොවේ. ශ්‍රී ලංකාව එහි ජනතාවයි. කාලය වේගයෙන් ගෙවී යයි, ජනතාව සහ ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කරගත යුතුය. “
0 Comments