sannasgala-court-case

මේවනවිට රජයට එරෙහිව ගොඩනැගෙමින් පවතින විරෝධතා සටනේ ප්‍රමුඛපෙළේ ක්‍රියාධරයෙකුලෙස හඳුනාගතහැකි සහ එයට සිය යූටියුබ් වේදිකාව ඔස්සේ ජවය සපයන ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව අධිකරණයෙන් නොතිසියක් නිකුත් කර තිබේ.



ලබන මැයි මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන අයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නොතීසි නිකුත් කර තිබෙයි.



බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය
කර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව නිතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය ඊයේ (29) අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා
මෙම නියෝගය නිකුත් කරන ලදි.



මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස කර ඇති
බවත් එම ග්‍රන්ථය මගින් සමස්ත බුදු දහම නිගාවට ලක්කොට ඇති බවත් සඳහන් කරමින් උසස් අධ්‍යාපන
හා සංස්කෘතික කටයුතු හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 2018 අගෝස්තු මස 20
වැනිදා කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව දක්වා ඇත.