shiraz yoonas rapper

ඊයේ (11) ගෝල්ෆේස් අරගල භූමිය වෙත පැමිණ රැය පහන් කරමින් සිටි පිරිසට ගීතයක් ගායනා කරන්නට උත්සාහගන්නා අතරතුර හදිසි හෘදයාබාධයකට ලක්ව ගායකයෙකු මියගියේය.



ෂිරාස් යූනස් නමැති ඔහු ශ්‍රී ලංකාවේ රැප් ගායනා ශෛලිය දියුණු කිරීමට ආරම්භක පියවර ගත් පුද්ගලයා ලෙස සැලකේ. නිහඩව සිටිමින් එම ක්ෂෙත්‍රයට විශාල සේවයක් කළ අයෙකු බවද පැවසේ.
‘ශ්‍රී ලංකාවේ රැප් සංගීතයේ සලකුණ‘ ලෙස ඔහුව හඳුන්වාදී ඇත.
ගීතයක් ගායනා කිරීමෙන් පසු අධික තෙහෙට්ටුවෙන් ඇදවැටුණ ඔහු රෝහල් ගත කළ පසුව මියගියේය. මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් ලෙස රෝහල් ආරංචි වාර්තා කළේය.
ඔහු ජීවතුන් අතර සිටියදී සහභාගීවූ සම්මුඛ සාකච්ඡාවක කොටසක වීඩියෝව පහතින්
ෂිරාස් අවසන් වරට අරගල භූමියේදී  බොබ්මාලිගේ “Get Up Stand Up” ගීතය ගායනා කළ අයුරු වීඩියෝව ඊට පහතින්