sinhala-awurudu-transport

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්දයෙන් ප්‍රවාහන අමාතයංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහතින්




මාධ්‍ය නිවේදනය

සිංහල - හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පුළුල් ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාවට නැංවේ.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් කොළඹ හා තදාසන්න නගර වල සිට දුර බැහැර ගම්බිම් කරා යන සහ ආපසු පැමිණෙන මගී ජනතාවගේ පහසුව සඳහා පුළුල් ප්‍රවාහන සැලැස්මක්, ප්‍රවාහන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක වේ.
මෙම වැඩපිළිවෙල සඳහා පසුගිය වසර වල මෙන්ම මෙවරද, ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව , බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව ද මෙම ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා දායක වන අතර බලශක්ති අමාත්‍යාංශය හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ද අතිරේක ලෙස දායකත්වය සපයනු ලැබේ.
එමෙන්ම මෙම පොදු ප්‍රවාහන සැලැස්ම යටතේ දුම්රිය හා බස් රථ අප්‍රේල් මස 08 වන දින සිට14 දින දක්වා කොළඹ සිට දිවයිනේ විවිධ පළාත් වලට ධාවනය වේ. ආපසු පැමිණෙන මගී ජනතාව සඳහා අප්‍රේල් මස 17 වන දින සිට ආපසු ගමන් වාර ක්‍රියාත්මක වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් කොළඹ කොටුව සිට මහනුවර - නානු ඔය - ඇල්ල - බදුල්ල දක්වා දුම්රිය ගමන් වාර 13 ක් ද, කුරුණෑගල සිට කන්කසන්තුරේ - මඩකලපුව දක්වා  ගමන්වාර 15 ක් ද, ගාල්ල - මාතර - බෙලි අත්ත දක්වා ගමන්වාර 08 ක් ද, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා ගමන් වාර 04 ක් ද, ක්‍රියාත්මක කෙරේ.


ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලය ද, අමතර බස් රථ 200 ක් ධාවනයට එක් කරනු ඇත. අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේවාවක් ද,  08 සිට 19 දක්වා ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම අධිවේගී මාර්ගයේද අමතර බස් රථ සේවාවක් යොදවා ඇති අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ද අමතරව  බස් රථ 300 -500 අතර ප්‍රමාණයක්  ධාවනයට එක් කරනු ඇත.
දුර ගමන් සේවාවන් සඳහා යොදවා ඇති පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ මට්ටක්කුලිය - මහරගම - මොරටුව - තලංගම යන ඩිපෝ මඟින් ලබා දීමට ද කටයුතු කෙරේ.