sjb-protest-stf

අද (3) වන දින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට රැස්වූ අතර පසුව එහි සිට නිදහස් මාවත නිදහස් චතුරශ්‍රය අසළ විරෝධතාවයක නියැළීමට උත්සාහ දරා ඇතත් විශේෂ කාර්ය බලකාය මගින් එයට බාධා එල්ල කර තිබේ.

ඒගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුමින් මෙසේ දන්වා ඇත.

‘අපිව නිදහස් මාවතේදී නතර කළේ හමුදාවයි එස්ටීඑෆ් එකයි. අපගේ අරමුණ වූයේ විරෝධතාව සැලසුම් කර නීති විරෝධී ලෙස නවතා දැමූ #GoHomeGota  වෙනුවෙන් ශ්‍රීලංකාවේ මිලියන සංඛ්‍යාත ජනතාවට සහය දැක්වීමක් ලෙස ජාතියේ පියාගේ ප්‍රතිමාව අභියස සාමකාමීව විරෝධතාවක් දැක්වීමයි.‘