speaker-proposals

පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ දේශපාලඥයන් සහ ඔවුන් හොරකම් කරපු සල්ලි ගේන ක්‍රමයක් සෑදීම, ද්විත්ව පුරවැසියන් දේශපාලන ඉවත් කිරීම ඇතුළු යෝජනා රැසක් කථානායක ඉදිරිපත් කලේය. ඒ මෙසේය.

'' අප රට තුල දැනට පවතින තත්වය පාර්ලිමේන්තුව තුලින් කෙටි කාලින හා දීර්ඝ කාලීන විසදුම් සෙවීම සඳහා 2020 අප්‍රෙල් 5 , 6, 7 දිනයන් හි පැවති පාර්ලිමේන්තු විවාද වලදී විවිධ උත්සහයන් ගනු ලැබුවද ඒ සම්බන්ධයෙන් සාධනීය විසදුමක් කරා එළඹීමට නොහැකි වූ බව කණගාටුවෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.....සාධනීය ඉදිරි පියවර ගැනීමේ අවශ්‍යතාවය පෙරදැරි කරගෙන නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සභාවේ සාමාජික මන්ත්‍රිවරයන්ගේ සමභාගිත්වයෙන් 2020 අප්‍රෙල් 5 හා 8 මාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබු බවට සදහන් කරනු කැමැත්තෙමි....



මේ අර්බුදකාරි තත්ව තුල මහජනතාව අපේක්ෂා කරන අභිලාෂයන් ඉටුකල හැකි ඇතැම් සාදනීය යෝජනා ක්‍රම ගණනාවක් පිළිබඳ මෙහිදි අවධානය යොමුවිය.....අමාත්‍යවරුන් හා මන්ත්‍රිවරුන් විගණකාධිපතිවරුන්ගේ අධීක්ෂණෂයට යටත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම විවස්ථාව හා ඊට අදාල නීති සංශෝධනය කිරීම විගණකාධිපතිවරයාට දේශපාලන පක්ෂ විගණනය කිරීමට හැකි වන පරිදි අදාල සංශෝධන සිදු කිරීම , රාජ්‍ය කොන්ත්‍රාත් සඳහා ලංසු කැදවීමකින් තොරව භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ තහනම් කිරීම විනිවිද භාවය තහවුරු කිරීම සඳහා ආවශ්‍ය සංශෝධන සිදු කීරීම දේශපාලඥයන් හා ඔවුන්ගේ ඥාතීන් හෝ රාජ්‍ය සේවකයන් විසින් අනීතිකව උපයන ලද මුදල් විදේශ බැංකු හෝ මුල්‍ය ආයතන වල තැන්පත් කර ඇති බවට


හෙලිවන වත්කම් රජයට පවරාගත හැකි පරිදි අදාල අණ පනත් සංශෝධනය කිරීම,ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයට හෝ ජනාධිපති ධූරයට තෝරාපත්කර ගැනීමට නුසුදුසු බවට අවශ්‍ය නීති සම්පාදනය කරගැනීම යනාදි යෝජනා රැසක් සාකච්ඡා වු බව අවධාරනය කරනු කැමැත්තෙමි......ඒ අනුව රට තුල දැනට පවතින අර්බුදකාරි තත්වය සමනය කිරීමේ යම්කිසි පරික්සමයක් වශයෙන් මහජනතාව අපේක්ෂා කරන යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන ,විනවිදභාවයෙන් යුතු දුෂණයෙන් තොර කාර්යක්ෂම පාලන යන්ත්‍රයක් ඇති කිරීමේ අවංක අරමුණ පෙරදැරි කරගෙන

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සෘජු මැදිහත් වීමෙන් ඉදිරිකටයුතු කඩිනමින් සිදු කීරීම සඳහා මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඇතුළු සමස්ථ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සක්‍රිය දායකත්වය හා උපරිම සහයෝගය අපගේ මාතෘ භූමිය ආරක්ෂා කිරීමට කටයුතු මෙතැන් පටන් කිරීමට වගබලා ගන්නා මෙන් විව්‍යවස්ථා දායකයේ කතා නායකවරයා වශයෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි....''