tamil-nadu-chief-minister-donations

ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හා ආහාර ඖෂධ හිඟයට පිලියමක් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර, වතුකරයේ හා කොළඹ ජීවත්වන ද්‍රවිඩ ජනයාට පමණක් ලැබෙන පරිදි ආධාර ලබාදීමට තමන් සූදානමින් පසුවන බව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත වත්මන් මහ ඇමති එම් කේ ස්ටාලින් මහතා කැමැත්ත පළ කර තිබේ.




තමිල්නාඩු මහ ඇමැති  ස්ටාලින් බ්‍රහස්පතින්දා එරට විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම අමාත්‍ය එස් ජයශංකර් වෙත දුරකථනයෙන් කතා කරමින්, අසල්වැසි දිවයිනෙහි දෙමළ ජනයාට උපකාර කිරීමට තමිල්නාඩු රජය විසින් කරන ලද යෝජනාව අවධාරණය කළේය. ඒ සදහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදෙන ලෙසත් ශ්‍රී ලංකා රජය හරහා නොව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් හරහා මෙම ප්‍රදානයන් ලබාදීමට කැමති බවත්දන්වා ඇත.


දෙමළ ජනතාවගේ සුබසාධනය සැලකිල්ලට ගනිමින් සහල් සහ ජීවිතාරක්ෂක ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට හැකි බව පවසා ඇත.තූත්තුකුඩි වරායේ සිට ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට සූදානම් බව ප්‍රධාන අමාත්‍යවරයා ජයිශංකර්ට පැවසීය.
 ආහාර නොමැතිව කුසගින්නෙන් පෙළෙන දෙමළ ජනයා වෙනුවෙන් තම හදවත උණුවු බවත් ඔහු පවසා ඇත.