පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රීවරුන් ඉවත් කොට මෙරට උගත් බුද්ධිමත් වෘත්තිකයන්ගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි බලකරමින් දඹුල්ල නගර මධ්‍යයේ ඊයේ (18 වැනිඳා) දහවල් දඹුල්ල ප්‍රදේශයේ උපකාරක ගුරුවරයකු වන සුපුන් ආරියරත්න මහතා ආරහ කළ උපවාසයට තවත් පිරිසක් එක්ව සහය පළ කළහ.දඹුල්ල ප්‍රදේශයේ උපකාරක ගුරුවරයකු වන සුපුන් ආරියරත්න මහතා
තම මෝටර් රථය දඹුල්ල නගර මධ්‍යයේ නවතා ඒ මත විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් ජාතික කොඩිය අතැතිව තනිව මෙම විරෝධතාව පෙරවරුවේ ආරම්භ කළේය.
මෙරට උගත් බුද්ධිමත් කණ්ඩායම් සිටින බවත් රජය වර්තමානයේ කළ යුත්තේ මුදල් වියදම් වන මැතිවරණ පැවැත්වීම නවතා වහාම පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් පත්කළ සියලු මන්ත්‍රීවරුන් ඉවත්කර විෂය පිළිබඳව දැනුමක් ඇති බුද්ධියක් ඇති ඒ පිළිබඳව යම් කිසි වගකීමක් දැරීමට හැකි අය තෝරා ගෙන ඔවුන්ට මන්ත්‍රී පදවි ලබාදී එම අයගෙන් තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත්කරන ලෙස තමා යෝජනා කරන බව සඳහන් කළේය. මෙම විරෝධතාව අතරතුර තවත් කණ්ඩායම් කිහිපයක තරුණයන් ඔහුගේ සහයෝගයට පැමිණ සිටි අතර
ඔවුන්ගේ ඉල්ලීම් බවට පත් වූයේ වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා ඉවත්ව නව කණ්ඩායමකට රට බාර දිය යුතු බවය. එසේ නොවන්නට මෙම අරගලයට වෙනත් විසඳුමක් නොමැති බවද ඔවුහු සඳහන් කළහ.
-කාංචන කුමාර ආරියදාස-
0 Comments