three-wheel-charges-changed

ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම නිසා ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යාම පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගැනීමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා ගාස්තු ඉහළ යාම ත්‍රිරෝද රථ හිමියන්ගේ අභිමතය පරිදි සිදුවන බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

ත්‍රිරෝද රථ හිමියන්ගේ අභිමතය පරිදි ගාස්තු ඉහළ දමා ගන්නා ලෙස ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, ඊයේ (19දා) උදෑසන කාලය වන තෙක් අය කර ගනු ලැබුවේ පළමු කිලෝමීටරයට රුපියල් 80ක් හා දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 50ක මුදලක් බවත් එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.



ඉන්ධන අධික ලෙස ඉහළ යාම නිසා ත්‍රිරෝද රථ හිමියන් තමන්ට පාඩුවක් සිදුනොවන ආකාරයට හා මගී ජනතාවට අසාධාරණයක් නොවන ආකාරයට ගාස්තු ඉහළ දමනු ඇතැයි සිතන බවත්, ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යාම නිසා මගී සේවාවල නිරත වන ත්‍රිරෝද ලක්‍ෂ නවයකට ආසන්න ප්‍රමාණයක් බරපතළ ගැටලුවකට මුහුණු දී සිටින බවත් ඒ මහතා පවසා සිටියේය. ඉන්ධන මිල ඉහළ යෑම සැලකිල්ල ගත් විට නිවසක භාවිතය වෙනුවෙන් තිබෙන ත්‍රිරෝද රථයකින් පවා ගමනක් බිමක් යාමට නොහැකි තත්වයක් ජනතාවට උදා වී තිබෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.


(එච්. අයි. තුෂාර)