බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ විට චර්චිල් වරක් උගන්ඩාව හැදින්වූයේ ' අප්‍රිකාවේ මුතු ඇටය' ලෙසිනි. චර්වින්ට අනුව උගන්ඩාව යනු සුරපුරයකි. නෙක හරිත වර්ණයන්ගෙන් පෝෂණය ලැබූ උගන්ඩාව සැබවින්ම ප්‍රේම භූමියක් වූ නිසා චර්චිල් පැවසූ දේ අතිශෝක්තියක් නොවේ.විස්මිත භූ දර්ශන සහ සුවිශේෂී වනසතුන්ගෙන් ගැවසීගත් උගන්ඩාව යනු කඳුකර ගෝරිල්ලන්,
චිම්පන්සින් විවිධ වර්ගවල පක්ෂි විශේෂ 600කට වඩා සමීපව නිරීක්‍ෂණය කළ හැකි දැවැන්ත වනෝද්‍යානවලින්ද ගැවසීගත් රාජ්‍යයකි. නමුත් උගන්ඩාව වර්තමානයේදී තවදුරටත් 'අප්‍රිකාවේ මුතු ඇටය' යන විරුදාවලිය නොලැබීම උගන්ඩා වැසියන්ගේ අභාග්‍යයකි. එවූයේමෙම රාජ්‍ය තුළ පවති ඒ සුන්දර වටපිටාව දිනෙන් දින විනාශ මුඛයට ඇද වැටෙන වැටුණු නිසාම නොවේ. උගන්ඩාව පාලනය කළ බලලෝභී රාජ්‍ය පාලකයන් විසින් අප්‍රිකාවේ සුන්දරම රාජ්‍යයක් අද සිටින අරාජිකත්වයට ඇද දැමීමට පාර කැපුනිසාය. සුන්දර රටක් අසුන්දර කළ හැටි උගන්ඩා ජනරජය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි සතර දෙසින්ම භූමියෙත්වට වූ සුන්දර රාජ්‍යයකි. මෙහි දේශ සීමාවන් ලෙස නැගෙනහ්රට කෙන්යාව,
උතුසුඩානය, බටහිරට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනය හා දකුණටරුත්සානියාවත්ක්වෙයි. එමෙන්ම, කෙන්යාවෙ ටැන්සානියාවෙන් මායිම් වී පවතින වික්ටෝරියා විලෙන් සෑහෙන කොටසකින්ද මෙරටෙහි දකුණුදිග ප්‍රදේශය සමන්විත වෙයි. වර්ග කිලෝමීටර් 241,038ක පමණ විශාලත්වයකින් යුතු උගන්ඩාවේ, අගනුවරකලා ලෙස හැදින්වෙයි. උගන්ඩාවේ නිල භාෂාවන් ඉංග්‍රීසි සහ හීලීය. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ භාෂා කතා කරනු ලැබූවත්, මෙම ස්වදේශීය භාෂාවන්ගෙන් ලග වඩාත් පුළුල් ලෙස භාවිත වේ. එරට ජනගහනයෙන් 45%ක් රෙපරමාදු සහ ජනගහනයෙන් 39%ක් කතෝලිකයන් වන අතර, සෙසු පිරිස ඉස්ලාම් සහ දේශීය විශ්වාසයන් යටතට ගැනේ.
මහ දේපොළ මහ දවල් සොරා කයි
නැගෙනඟිර අප්‍රිකාවේ පිහිටි උගන්ඩාව බ්‍රිතාන්‍ය අධිජ්‍යයෙන් නිදහස ලබාගත්තේ, වර්ෂ 1962 ඔක්තෝබර් 9වැනිදාය. එවකට 'බුගන්ඩා රාජධානිය” ලෙස හැදින්වූ මෙම රාජයපසුව උගන්ඩාව බවට පත්වෙයි. නිදහස ලැබීමෙන් පසුව දිගින් දිගටම පවුල් පාලනයෙන් ඔද්දල් වූ දේශපාලනයකට උරුමකම් කී උගන්ඩාව මහජන දේප්පොළ මහ දවල් සොරාකෑමට ලක් වූ රාජ්‍යයකි. උගන්ඩාව නිදහස ලැබීමෙන් පසුව එට ප්‍රථම පාලකයා වූ මිල්ටන් ඔබෝටේ මේ ව්‍යසනයේ ප්‍රාරම්භකයාය. වසර 8ක් පුරාවට වැසියන් ඝාතනය කරමින්, යටත්විජිත පාලකයන් විසින් ඉතිරි කර තබා ගිය දේ. තම පවුලේ ඥාතීන් අතර බෙදාගනිමින් ඔහු උගන්ඩාවේ සාරය උරා බීවේය.
ඔබෝටේ පලවා ගන්නා බොක්සිං විරුවා
මෙසේ ඒකාධිපති වියරුවෙන් සිටි ඔබෝටේ පරාජය කර වර්ෂ 1971 ජනවාරි 25වැනිදා බලයට ගෙනා ඉඩි අමීන් ගැන ලොවට අමුතු හදුන්වාදීම් අවශ්‍ය නැත. මහත්වූ බලාපොරොත්තු ඇතිව උගන්ඩා ජනතාව විසින් පත්කරගත් බොක්සිං ශූරයා, උගන්ඩාවේ වටිනා ස්වභාවික සම්පත් පිටරට පටවමින් කෝටි ප්‍රකෝටි ගණනින් සම්පත් සූරා කෑවේය. බිරියන් 06දෙනෙකු සහ දරුවන් 40කගෙන් යුතු සිය සුවිසල්
පවුල වටා පාලනය ගොනුකළ ඉඩි අමීන්, ඥාති සමූහයා පිනවීමක් හැර මහජනතාව සුඛිත මුදිත කිරීමක් ගැන අබමල් රේණුවකට නොසිතුවේය. අවසානයේ ඔහුගේ පාලනයට විරුදධ වූවන් ලක්‍ෂ ගණනින් අමු අමුවේ මරා දැමිණි. වසර 8ක පාලනයකින් සුව සොරා කෑ ධනස්කන්ධයත් සමග සෞදි අරාබියට පලාගිය ඉඩි අමීන් ට දා නුවර සුවිසල් මන්දිරයක, අධිසුඛෝපභෝගී දිවියක් ගෙවමින් සිය සැදෑ සමය ගතකර අවසන් ගමන් ගියේය. නමුත් ඔහුගේ යකඩ පත්තුවට පෑගුණු උගන්ඩාවැසියන් ඒකාලය පුරා නොවිදිනා අපාදුක් විදිමින් කල් ගෙවූහ. බහුතරයක් කුසට අහරක් නැතිව හෝ විවිධ ලෙඩ රෝගවලට ගොදුරුව එලොව යන්නට සිදුවිය.
පවුලක් එකතු වී රටක් සූරාගෙන කෑම
ඉඩි අමීන්ගේ පාලනයෙන් පසුවත් උගන්ඩාවට යහපත්කලයක් උදාවූයේ නැත. ඒඋගන්ඩා වැසියන් කබලෙන් ලිපට වැටෙන තවත් පාලකයෙකු රටේ බලය අල්ලාගත් නිසාය. උගන්ඩාවේ නවවැනි සහ වත්මන් ජනාධිපතිවරයා වන යොවේරි මුසවේනි 1986දී බලය අල්ලා ගැනීමට පෙර, ඔහු උගන්ඩාවේ ජනාධිපතිවරුන්ව සිටිමින් ඔබෝටේ සහ ඉඩි අමීන්පෙරළා දැමූ කැරලිවලට නායකත්වය දුන් අයෙකි. කෙසේ න්වෙතත් ඉඩි අමීන් පලවා හැර බලයට ගෙනා යොවේරී මුසවේනි කලින් සිටිනායකයන්ටත් වඩා පවුල් පාලනයට යට නතු කළේය.
ඔහු රටේ ප්‍රධානතම අමාත්‍ය පදවි කිහිපයක්ම සිය සමීප ඥාතීන් වෙත බෙදාදෙනු ලැබුවේ, බිරිද ජෙනට් මුසවේනි වෙත අධ්‍යාපන අමාත්‍ය ධුරය ඇතුළු තවත් ප්‍රබල අමාත්‍යාංශකිහිපයක් ක්වෙන්කරමිනි. පුත්‍රයා වූ මුහුස් මුසස්වෙනිද ජෙනරාල්වරයෙකු ලෙස පත්කරමින්, රටේ ආරක්‍ෂක අංශවල පාලනයද තම ඥාතීන් අතර බෙදාදෙමින් පාලනයකට ඔහුපාර කැපුවේය. ජීවිතාන්තය තෙක් බලය රැකගැනීමේ තීන්දු
2005දී ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරමින් ජනාධිපති ධුර කාල සීමාවන් සහ 2017දී ජනාධිපති වයස් සීමාව ඉවත් කර ගනිමින් ඔහු සිය බලය අනාගතයටත් තහවුරු කර ගත්තොත්ය. එමෙන්ම, පසුගිය දශක කිහිපය තුළ උගන්ඩාවේ මැතිවරයා කිසිවක් නිදහස් හා විනිවිදභාවයෙන් යුතු ඒවා නොවීය. ඡන්ද පෙට්ටි පිරවීම, 100%ක ඡන්ද ප්‍රතිශතයක් සහිත ජන්ද මධ්‍යස්ථාන 400කට අධික ප්‍රමාණයක් තිබීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරිමේ දර්ශන සහ වාර්තා පවා නොතකාවර්ෂ 2021 ජනවාරී 16දා එන්න මැතිවරණ කොම විසින් 58.6%කන්ද ප්‍රතිශතයක් සමගමුසස්වීනි යළිත්ජනපති පුටුවට පත්වූ බව විළිලැජ්ජාවක් නැතිව ප්‍රකාශ කළේය.
මුදල් විශුද්ධිකරණය යටතේ අසාදු ලේඛනයට?
මේ සියලු ආකාරයේ ඒකාධිපති රාජ්‍ය නායකයන්ගේ අතින් අතට මාරු වෙමින් පැමිණි උගන්ඩාව. අද වනවිට මුදල්ශුද්ධිකරණය ඇතුළු මූල්‍ය අපරාධවලට පියවර නොගත්තාටක් ලෙස ලොව පුරා ප්‍රකටව ඇත. මේ සන්දර්භය තුළ කාර්මික රටවල් 7මූල්‍ය අපරාධ වළක්වා ගැනීම සදහා පිටුවාගත් Financial Action Task Force chas FATE සංවිධානය විසින්ද උගන්ඩාව අසාදු ලේඛනගත කිරීමට පියවර ගනු ඇති බවට අනතුරු ඇගවෙයි. ඔවුන් කිසිවිටෙකත් ඵලදායී අයුරින් මුදල් විශුද්ධිකරණය ඇතුළු මූල්‍ය අපරාධ වැළක්වීමට පියවර නොගන්නා නිසා
මෙම තීරණය ගැනීමට නියමිත බව වැඩිදුරටත් සදඟන්ය. එමෙන්ම, යුරෝපා සංගමය විසින්ද මූල පද්ධති හා මූල්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානම්සහගත රටක් ලෙස නම් කර ඇති උගන්ඩාව, මේ වනවීට ‘අර්ථ ලැයිස්තුවට’ අතුලත්කර ඇතිරයක් වීමද වීශේෂත්වයකි. සාමාන්‍යයෙන් මෙම ලැයිස්තුවට ඇතුළත් වෙන්නේ, මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එහි පියවර සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර නොදක්වන රාජ්‍යයය.
ජනතාව අසමත් කර පාලකයා සමත් රටක්
ඒ අනුව, දැවැන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඛ්‍යාවක් නඩත්තු කරමින්, ජනාධිපතිවරයාගේ සිට රාජ්‍ය නිලධාරින් දක්වා බොහෝ දෙනෙකු සොරායාම පමණක් ප්‍රගුණ කර ඇති උගන්ඩාවේ අනාගත පරපුරට 'මුතු ඇටයක් තබා ඔවුන් උපන් මහපොළොවවත් ඉතිරි නොවනු ඇති බව පැහැදිලිය. ලොවදූෂිත රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස උගන්ඩාස්වේ මූලික මිනිස් අවශ්‍යතාව සපුරාගත නොහැකි ගම්මාන රැසක් අදද දැකිය හැකිය.
එසේම පාසල් නොයන දරුවන්ගේ ප්‍රතිශතය පාසල් යන දරුවන්ට වඩා අතිශයින්ම ඉහළ අගයක් ගනී. කුසට අහරක් සොයා වහල් සේවයේ යෙදෙන දරුවන් අතරින් අහිංසක ගැහැනු දරුවන්ගේ අනාගතය සැබෑ ලෙසම අදුරුය. එරට තුළ ඒඩිස් ඇතුළු සමාජ රෝගවල පැතිරීමේ ඉහළ වේගයක් පවතින්නේද මේ නිසාය. අද මේ දරුවන්ට සුන්දර රටක් සාදාදෙන්නට එදාමෙදා තුර උගන්ඩාවේ බලයට පත්විකදුරාජ්‍ය නායකයෙකු හෝ සමත් වී නැත. එනමුදු තවමත් තමන්ගේ දරුවන් සහ තම ඥාති පරපුර ආරක්ෂා කරමින් ඒඋගන්ඩා නායකයෝ යෙහෙන් වැජඹෙන ආකාරය පමණක් දැකිය හැකිය.
(මහීෂා චන්ද්‍රගුප්ත -Ada)
0 Comments