usa-notice-sri-lanka

ශ්‍රී ලංකා සම්බන්ධයෙන් වන ඔවුන්ගේ සංචාරක උපදේශනය යාවත්කාලීන කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.



ඒ අනුව මෙතෙක් කලක් තර්ජිත මට්ටම සිවු වැනි ස්ථානයේ තිබූ ශ්‍රී ලංකාවේ එම මට්ටම තුන් වැනි ස්ථානය දක්වා ඉහළ දමා තිබෙනවා.

රට තුළ තැන තැන පැවැත්වෙන සිවිල් විරෝධතා, උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් සම්පූර්ණ අවධානයෙන් සිටින ලෙස හා එම ස්ථාන හැකි තරම් මඟහරින ලෙසටයි ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.



එමෙන් ම මීට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සංචාරක උපදේශන වාර්තාවක දැක්වුණේ, ශ්‍රී ලංකාව තුළ පවතින බරපතළ ආර්ථික කඩා වැටීම හේතුවෙන් සංචාරක පහසුකම් සපයා ගැනීම ඇතුළු තෙල්, ගෑස් ආදී පෝලිම් සම්බන්ධයෙන් ද දැනුම්වත් කර තිබුණා.