yadamin-benda-nanda-malini

යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහළ  - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.

යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්

ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්

ගායනය- විශාරද නන්දා මාලිනී
පදරචනය -මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය -සරත් දසනායක