Shah-Rukh-Khans-son-acquitted-in-drug-case-for-lack-of-evidence

ඉන්දීය සුපිරි නළු ෂාරුක් කාන්ගේ පුත් ආර්යන් කාන් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවට චෝදනා ලැබ පසුගියදා අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත කෙරුනේ Cordelia කෲස් නමැති නෞකාවක පැවති සාදයක් එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වටළනු ලැබීමෙන් පසුවය.
නඩුව විභාගවූයේ විශේෂ NDPS අධිකරණයකිනි. ඊයේ එම නඩු විභාගයට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පිටු 6,000 කින් යුත් චෝදනා පත්‍රයක් ගොනු කරන ලදි.මෙහිදී නඩුවේ විශේෂිතම විත්තිකරු ලෙස ඉදිරිපත් වූ නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට ‘ක්ලීන් චිට්‘ ලැබී තිබේ. එනම් නිර්දෝෂීභාවය පිළිබඳ සටහනකි.
 මෙම නඩුව අනුව පසුගිය ඔක්තෝබර් 2 වැනිදා ආර්යන් අත්අඩංගුවට ගත් අතර එයින් දින 26කට පසු ඔහුට ඇප ලැබි තිබිණි.
මෙම නඩුවේදී ආර්යන් ඇතුළු 19 දෙනෙකුට චෝදනා එල්ල වු අතර චෝදනා පත්‍රයට අනුව, ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ හවුල්කරුවෙකු බවට කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත.

ආර්යන් සහ මොහාක් නමැත්තෙකු හැර අනෙක් සියලුම විත්තිකරුවන් බීමත්ව සිටි බව පරීක්ෂණයේදී අනාවරණය විය.
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ මෙම වැටළීම සම්බන්ධයෙන් ප්‍රශ්නද පැවතිණි. මෙම නඩුවේ කාර්යංශයේ පළමු කණ්ඩායම  සමීර් නමැත්තෙකු සිදු කර ඇති අතර ඔහුගේ විමර්ශනයේදී වැරදි කිහිපයක් සිදු කර ඇති බව ඉන්පසු මෙය භාරවූ ප්‍රධාන් පැවසීය.

ඒ නිසා පෙර පරීක්ෂණය ගැන වැරදි හසු වුණොත් ඔවුන්ට විරුද්ධව පියවර ගන්නා බවද දක්වා තිබේ.

කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙහි ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින්, බොම්බේ මහාධිකරණයේ විනිසුරු නිටින් සම්බ්රේගේ තනි විනිසුරු මඩුල්ල සඳහන් කර තිබුණේ කිසිදු කුමන්ත්‍රණයක් ඔප්පු කිරීමට ඔවුන් සතුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ආර්යන් ඛාන් සහ ඔහුගේ මිතුරෙකු වන අර්බාස් මර්චන්ට් සහ නිරූපිකාවක් වන මුන්මුන් ධමේචා නැවේ සිටියේ යන්න සත්‍ය වුවත් මොහු නිදහස් කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක කොටස්කරුවන් යැයි පැවසිය නොහැකි නිසා පමණක් බව විනිසුරුවරයා පවසා ඇත.

පෙර වාර්තා