Husband-hero-Texas-teacher-Irma-Garcia-dies-heart-attack

පසුගිය අඟහරුවාදා ඇමරිකාවේ ටෙක්සාස් උවල්ඩේ හිදී ප්‍රාථමික පාසලේ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ එක් ගුරුවරියකගේ සැමියා දින දෙකකට පසු හෘදයාබාධයකින් මිය ගොස් තිබේ.
46 හැවිරිදි ඉර්මා ගාර්ෂියාගේ සැමියා මෙලෙස මියගියේය. ශෝකයෙන් පෙළුණු සැමියා ජෝ හෘදයාබාධයකින් මිය ගිය අතර ඔහු අධික මානසික වේදනාවෙන් සිටියදී 'බිඳුණු හදවතකින්' මිය ගිය බව පවුලේ අය පවසා ඇත.
වසර 30කට වැඩි කාලයක් ඔහුගේ ජීවිතයේ ආදරය කළ බිරිය අනපේකෂිත ලෙස මියයාම ඔහුට දරාගන්නට බැරිවූ බව කියැවේ.
‘ඔවුන් අතර අසීමිත ආදරය අහිමි වීම දරාගත නොහැකි තරම් දෙයක් වූ බව මම විශ්වාස කරමි,' ඉර්මාගේ ඥාති සොහොයුරිය වන ඩෙබ්රා ඔස්ටින් පැවසුවාය.


මෙම යුවළගේ බෑණනුවන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු 'ශෝකයෙන්' මිය ගිය බවයි.
'කරුණාකර අපේ පවුල වෙනුවෙන් යාඥා කරන්න. දෙවියන් වහන්සේ අපට අනුකම්පා කළ මැනව, ”ඔහු පැවසීය.
මෙම යුවළ විවාහ වී වසර 24 ක් වන අතර ඔවුන්ට දරුවන් හතර දෙනෙක් සිටියහ. දරුවන්ගේ වයස කීයද යන්න තවම අනාවරණය නොවේ.
වෙඩි තැබීමෙන් දිවි ගලවා ගත් අය පවසා ඇත්තේ ඉර්මා සහ සෙසු ගුරුවරිය වන 44 හැවිරිදි ඊවා මිරේල්ස් තුවක්කුකරුගේ උණ්ඩවලින් දරුවන්ව ආරක්ෂා කර ගනිමින් මිය ගිය ආකාරයයි.

'ඔයා නැතුව මේ ජීවිතේ කොහොම කරන්නද කියලා මම දන්නේ නැහැ, ඒත් මම තාත්තාව බලාගන්නම්.
'මම අපේ බල්ලන් බලාගන්නම්, මම ඔබේ නම සදහටම කියන්නම්, එවිට ඔබව සැමවිටම මතකයේ රැඳේ,
මිර්ලෙස්ගේ දියණිය ෆේස් බුක්හි සටහන් තබා දිනකින් ඇගේ පියාද මියගියේය.

මියගිය ගාර්ෂියා වසර 23ක් රොබ් ප්‍රාථමික විද්‍යාලයේ ඉගැන්වූ අතර මීට පෙර 'වසරේ ගුරුවරිය' ලෙස නම් කෙරුණ කෙනෙකි.ගාර්ෂියා සමාජ අධ්‍යයනය සහ ඉංග්‍රීසි භාෂා විෂයයන් තුන්වන ශ්‍රේණියේ ඉගැන්වූවාය.
ඇය 2019 දී ඉගැන්වීමේ විශිෂ්ටත්වය සඳහා ත්‍රිත්ව විශ්ව විද්‍යාල ත්‍යාග සඳහා නිර්දේශීතවූ සැන් ඇන්ටෝනියෝ හි අධ්‍යාපනඥයින් 19 දෙනාගෙන් කෙනෙකි. 

(ඩේලි මේල්ඇසුරිනි)