Insta-messages-to-an-unknown-woman-from-a-Texas-teenager-before-the-massacre

ඇමරිකාවේ ගතවූ දශකයක කාලය තුළ වාර්තාවූ ම්ලේච්ඡතම සමූහ ඝාතනය ලෙස හැඳින්වෙන ටෙක්සාස්හි ප්‍රාථමික පාසල්වෙඩි තැබීමෙන් සිසු දරුවන් 19 ක් සහ ගුරුවරියන් දෙන්නෙකු මරණයට පත්විය.
මෙම සිදුවීමෙන් පසු සැල්වදෝර් රමෝස් නමැති 18 හැවිරිදි ඝාතකයා ගැන පරීක්ෂණ පවත්වන එරට පොලිසිය මෙම ඝාතන වැලට ඔහු මෙහෙයවූයේ කවර කාරණාද යන්න විමසමින් පවතී. ආසන්න කාලයේ ඔහු පරිහරණය කළ සමාජ මාධ්‍ය පිලිබඳ විමර්ශනයක්ද සිදු කර ඇති අතර ඔහු කාලයක් තිස්සේ ‘තුවක්කු පරිහරණය කිරීමේ උමතුවකින්‘ පෙළෙන්නෙකු වී සිටි අයුරුත් වයස 18 පිරුණ හැටියේම එරට නීතිය අනුව පහසුවෙන් මිලට ගැනීමට අවකාශ ඇති ගිනි අවි මිලට ගැනීමට කටයුතු කර ඇති බවත් හෙළිව තිබේ.

එසේ මිලට ගත් AR-15s හා AK-47 ගිනි අවිවල ඡායාරූප ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර ඊට ලැබෙන ප්‍රතිචාර තුළින් කිසියම් ආස්වාදයක් ලබමින් සිටි බවද හඳුනාගන්නට ලැබී ඇත.
වාර්තාවන ආකාරයට ඔහු ඝාතන  සිදු කරමින් ඒවා ෆේස් බුක් පණිවිඩ මගින් ප්‍රසිද්ධ කිරීමද විශේෂිතය. එසේම ඝාතනයට පෙර සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ කාන්තාවකට පණිවිඩ යොමු කර තමා කරන්නට යන දේ ගැන ඉඟියක්ද ලබාදී ඇත.

ටෙක්සාස් ආණ්ඩුකාර ඇබට් අද දිනයේ සිදුවීම සම්බන්ධව සොයාගත් තොරතුරු විස්තර කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඔහු එහිදී කියා සිටියේ
පාසලට පැමිණීමට මිනිත්තු 30 කට පමණ පෙර තුවක්කුකරු ෆේස්බුක් හි තම මිත්තණියට වෙඩි තැබීමට යන බව දන්වා ඇති බවයි. ෆේස්බුක් හි දෙවන සටහනක, තුවක්කුකරු තම මිත්තණියට වෙඩි තැබූ බවද පැවසූ බව ආණ්ඩුකාරවරයා පැවසීය.
තුන්වන පෝස්ට් එකකින් තුවක්කුකරු ප්‍රාථමික පාසලකට වෙඩි තියන්න යනවා යයි කිව්වේය. ඇබට් ආණ්ඩුකාරවරයා පැවසුවේ තුවක්කුකරු තම මිත්තණියගේ මුහුණට වෙඩි තැබූ බවත්, ඔහු රිය පදවාගෙන පාසල අසලට කඩා වදිමින් සිටියදී ඇය පොලිසියට සම්බන්ධ වූ බවත්ය.තුවක්කුකරු නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් පසුකර යමින් පාසලට ඇතුළු වූ බව ආණ්ඩුකාර ඇබට් පැවසීය. ඝාතන සැලවූ වහාම දේශසීමා මුර සංචාරයේ නිලධාරියෙක් ඔහුව මරා දැමීය.


සැල්වදෝර් රමෝස් නමැති තුවක්කුකරු වෙඩි තැබීමට පැය කිහිපයකට පෙර ඉන්ස්ටග්‍රෑම් හරහා කාන්තාවකට ගුප්ත පණිවිඩ යවා ඇත. ඔහුට ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් තිබී ඇති අතර එහි ගිනි අවි සහ පතොරම්වල පින්තූර රැසක් ඇතුළත් විය. එක් පෝස්ට් එකක, ඔහු රයිෆල් දෙකක රූපයකට මේ කියන කාන්තාව ටැග් කර පසුව ඇයට පණිවිඩයක් යැවීය: "මම ඔබව ටැග් කළාට කෘතඥ වන්න." එහි දැක්විණි.
තම ගිණුමේ අදහස් හුවමාරුව බෙදාගත් කාන්තාව, වෙඩික්කරු තමා නොදන්නා බවත් ඔහු තමාව ටැග් කරන්නේ මන්දැයි විමසා ඇතැයි පසුව දැක්වෙන සංවාදයෙන් හෙළිවේ.
පසුව අඟහරුවාදා උදෑසන සැල්වදෝර් රමෝස් ඇයට “මම යනවා” යනුවෙන් පණිවිඩයක් එවූ අතර පැය කිහිපයකට පසු “මට පොඩි රහසක් ලැබුණා.” යයිද සඳහන් කර ඇත.
ඔහු අදහස් කළේ කුමක්දැයි කාන්තාව ප්‍රශ්න කළ විට, ඔහු පැවසුවේ “11ට පෙර” ඒ ගැන ඇයට පවසන බවයි.

පොලිසිය කළ විමර්ශන අනුව “මම ඔහුට ප්‍රතිචාර දැක්වූ එකම හේතුව මම ඔහුට බිය වූ නිසා” එම කාන්තාව පසුව කීවාය.
“ඔහු ආගන්තුකයෙකි; මම ඔහු ගැන කිසිවක් දන්නේ නැහැ. එයාගේ තුවක්කු පෝස්ට් එකේ මාව ටැග් කරන්න තීරණය කිරීම අහම්බයක්. වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් ගැන මට කණගාටුයි. ඇත්තටම මම දන්නේ නැහැ මොනවා කියන්නද කියලා." ඇය පවසා තිබේ.

සමූහ ඝාතන වලින් පසු මියගිය ඝාතකයාගේ සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවා තිබේ.  "salv8dor_" පරිශීලක නාමය සහිත රමෝස්ගේ යැයි සැලකෙන ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ තුවක්කු සහ ඔහුගේ සෙල්ෆි ඡායාරූප අඩංගු විය.
තවත් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයෙකු පොලිසියටෙ පැවසුවේ යූබෝ නම් සජීවී ප්‍රවාහ යෙදුමකින් තමාට රමෝස් මුණගැසුණු බවත්, වෙඩික්කරු මෑතකදී ඔහුට ගිනි අවියක් මිලදී ගත් බව පැවසූ බවත්ය.

"මම දන්නේ ඔහු හැම විටම ඔහුගේ කතාවට තුවක්කු ඈඳාගෙන ඒ ගැන පළ කරනවා"
“ඔහු මට කිව්වේ ඔහු මිලදී ගත් රයිෆලයක් ගැන පමණයි. නමුත් ඇමරිකාවේ එය කෙතරම් සාමාන්‍ය දැයි මම දන්නවා, මට ඒ ගැන අදහසක් නොතිබුණි.“පුද්ගලයා පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ තුවක්කු අලෙවි කරන ජෝර්ජියාව පදනම් කරගත් සමාගමක් වන ඩැනියෙල් ඩිෆෙන්ස් වෙතින් ලදුපතක තිර රුවක් ද වෙබ් අඩවිය පළ කර ඇත.
කුවිතාන්සියේ දැක්වෙන්නේ ඩොලර් 1,870 ක බදු මුදලක් ගෙවා ගිනි අවියක් මිලදී ගත් බවයි.
වයස 18 පිරුණ හැටියේ ඕනෑම කෙනෙකුට AR-15s හා AK-47 වැනි බලවත් ගිනි අවි මිලට ගැනීමේ පහසුකම ටෙක්සාස් ප්‍රාන්තයේ පැවතීම ගැන ආණ්ඩුකාරවරයා වෙත විවේචන එල්ලවෙමින් පවතී. එම නීති වෙනස්විය යුතු බවට සාකච්ඡාවක්ද ඇරඹී ඇත.

(නිව්යොර්ක් පෝස්ට් ඇසුරිනි  - Gossiplankanews.com)










සිද්ධියට අදාළ පෙර ලිපි
තුනේ - හතරේ පන්ති දරුවෝ 19 ක් හා රැකගන්නට වෙහෙසුණ ගුරු මව් දෙපළ සහසික ලෙස මරා දැමිණි
ටෙක්සාස් පාසලේ 21 ක් සමූල ඝාතනය කළ තරුණයා