It-is-doubtful-whether-the-food-crisis-in-the-country-is-an-artificial-plan---Ravi-Kariyawasam

රට තුළ ඇති වී තිබෙන ආහාර අර්බුදය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ රවී කාරියවසම් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සිය අදහස් ප්‍රකාශ කර තිබුණේ මෙසේය.

විශේෂයෙන්ම අරගලයට දින ගණනාවක් ගත වෙද්දි අපි දන්නවා අලුත් රනිල් රාජපක්ෂ ,ගෝඨාභය රාජපක්ෂ එකතුවෙලා මේ වෙද්දි ආණ්ඩුවක් නිර්මාණය කරගෙන තියෙනවා. රනිල් රාජපක්ෂ නැත්නම් එහෙම නැත්නම් මේ අග්‍රාමාත්‍යවරයා පළමුව ආව ගමන් කිව්වේ මේ රට තුළ ආහාර අර්බුදයක් නිර්මාණය  වෙනවා ඒකට ජනතාවට ලෑස්ති වෙන්න කියන අනතුරු ඇඟවීමක් සිද්ධ කළා. එතකොට මේකේ බරපතළ කාරණයක් විදිහට අපි දන්නවා මොකද මේ ආහාර අර්බුදය ස්වභාවික නිර්මාණය වෙන එකක් නෙමෙයි. මේ ආහාර අර්බුදය රජය විසින් නිර්මාණය කරන ආහාර අර්බුදයක් විදිහට අපිට පෙන්නල දෙන්න හැකියාවක් තියෙනවා.

ඒකට කරුණ විදිහට අපි දැක්කොත් එහෙම පහුගිය කාලේ අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ගොවිතැන් වලට දෙන රසායනික පොහොර නැවැත්තුවා. අපිත් රසායනික පොහොර ලබා දීමට විරුද්ධයි. නමුත් මේක නවත්වන්න ඕන ක්‍රමානුකූලව මේ මහ පොළොව රසානික පොහොර වලට හුරු වෙලා තියෙනවා, ඒවගේම ගොවියා රසායනික පොහොරවලට හුරුවෙලා තියෙනවා. එහෙම වසර තිහක් තිස්සේ මේ රසායනික පොහොරවලට හුරුවෙච්ච ගොවියන් සහ එහෙම භූමියක් තියෙන තැනක ගොවිතැන එක දවසින් එක අවුරුද්දකින් ස්වභාවික ගොවිතැනක් බවට පත් කරන්න බැහැ. ඒ හින්දා මේක ක්‍රමානුකූලව කළ යුතු දෙයක්.




නමුත් රසායනික පොහොර නවත්වලා ,ගොවියා ගොවිතැනින් එළියට දාන ක්‍රියාවලිය මේ මහින්ද රාජපක්ෂලා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂලාගේ ආණ්ඩුවෙන් පටන් ගත්තෙ. එතකොට මේ ආහාර අර්බුදය නිර්මාණය කරන්න අවශ්‍ය පදනම එහෙම නැත්නම් ඒ අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ කළේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන්. ඒක එයා නොදැන කරපු දෙයක් නෙමේත ඒ කියන්නේ මේ සියලූ හොරකම් කරන්න දන්නවනම් මාධ්‍යවේදීන් හිරේ දාන්න දන්නවනම්, මිනිස්සුන්ට ගහන්න පුළුවන් ගැන මේ ඔක්කොම සැලසුම් කරල කරන්න දන්නවනම් බත් කන මනුස්සයෙක් විදිහට මේ ජනාධිපතිවරයා දැනගන්න අවශ්‍ය වෙනවා ගොවිතැනකට මේ වගේ සාපයක් මේ වගේ දෙයක් සිද්ධ කළොත් රටේ ආහාර අර්බුදයක් නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා. ඒ හින්දා මේක බොහොම පැහැදිලිව තමන් දැනගෙන සිද්ධ කරපු ක්‍රියාවලියක්.


එතකොට මේ ආහාර අර්බුදයක් නිර්මාණය කරගෙන යන මොහොතක රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුවට ජැක් එක ගහලා ආපහු මේ ආහාර අර්බුදයේ සම්බන්ධව නැවතත් ජනතාවගේ ඔලුව හදනවා මේ ආහාර අර්බුදයක් නිර්මාණය වෙනවා එතකොට  එතකොට ඒකට ජනතාවට සූදානම් වෙන්න කියලා. ඇත්තටම ආණ්ඩුවක් තියෙන්නෙ මේ වගේ අර්බුදකාරී අවස්ථාවක ජනතාවට සහන සලසන්න මිසක් ජනතාවට කියන්න නෙමෙයි ඕගොල්ලෝ සූදානම් වෙලා මොනාහරි කරගන්න කියලා.. එතකොට මේ ආහාර අර්බුදය ඇයි මේ ආණ්ඩුව නිර්මාණය කරන්න කියන එකට බොහොම පැහැදිලිව ඉතිහාසයකුත්  තියනවා. ඒකට අවශ්‍ය සාධක අපිට අපිට ගොනු කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඇයි මෙ රනිල් රාජපක්ෂ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂලා මේ ආණ්ඩුව එකතුවෙලා මේ ආහාර අර්බුදයක් රට තුළ නිර්මාණය කරන්නේ ඒකට හේතුව මොකක්ද කියන එක.



එතකොට අපි දන්නවා 2011- 2050 ජාතික භෞතික සැලැස්ම කියලා සැලැස්මක් හදුන්වලා දීලා තියෙනවා. එතකොට ඒ සැලැස්ම සැලැස්ම සම්බන්ධව 2013 අවුරුද්දේ මෙතනම අද වගේ දවසක අපේ රට තුළ නිර්මාණය වෙන්න පුළුවන් දේශපාලන ආර්ථික සමාජයීය අර්බුදය සම්බන්ධව සාකච්ඡා කරලා මීට අවුරුදු ගණනාවකට පෙර කිව්වා මේ තත්ත්වය මේ රට තුළ ඇති වෙන්න පුළුවන් කියන එක. එතකොට 2011 - 2050 ජාතික භෞතික සැලැස්ම අනුව සැලසුම් කරලා තියෙනවා විශේෂයෙන්ම ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් පිටරට සමාගම් වලට බදු දීම උදෙසා සැලසුම් කරලා තියෙනවා. ඒ සැලැස්ම ගූගල් එකේ ගිහිල්ලා ඕගොල්ලෝ බලන්න. ඒ සැලසුම ප්‍රධාන වශයෙන් කියන්නේ ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් සහ මුඩු ඉඩම් කියන ඒවා පිටරට සමාගම් වලට බදු දෙන්න මේ වෙද්දි සැලසුම් කරල තියෙනවා. එතකොට ගොවියා තවදුරටත් ගොවිතැන් නියැළුනොත් එහෙම මේ ඉඩම් බදු දීමේ ක්‍රියාවලිය රජයට කරගන්න බැරි වෙනවා.


ඒ හින්දා ආණ්ඩුවේ ප්‍රධානම කාර්යභාරය තමයි ගොවියා ගොවිතැනින් ඉවත් කර ගැනීම.ඒ හින්දා කුඩා ගොවියා, වී ගොවිතැන් කරන අය, හේන් ගොවිතැන් කරන ගොවි ජනතාව තමන්ගේ ගොවිතැනින් ඉවත් කිරීම තුළ තමයි මේ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබා දෙන්න අවශ්‍ය පදනම හදාගන්න හැකියාවක් ලැබෙන්නේ. ඒකේ මූලික අඩිතාලම තමයි රසායනික පොහොර ලබා දෙන එක ජනාධිපතිවරයා නැවැත්තුවෙ  පහුගිය අවුරුද්දේ.  එතකොට මේ වෙලාවෙදි ආහාර අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා ඒක නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේක සාධාරණීකරණය කරන්න ආණ්ඩුව විදිහට දැන් වෙද්දි උත්සාහ කරමින් ඉන්නවා. එතකොට බහුජාතික සමාගම් වලට ඉඩම් මේ වෙද්දි ලබාදීම් සිද්ධ කරනවා. අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම බුත්තල වෑකඩ වැව කියන ප්‍රදේශයේ ඩෝල් ලංකා සමාගමට විශාල ඉඩම් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා.මේ වගේ සීඅයිසී කියන සමාගම් වලට ලංකාවේ ඉඩම් ලබාදීම් මේ වෙද්දී  සිද්ධ කරගෙන යනවා.. එතකොට ලෝක බැංකුවේ ඉල්ලීමක් එනවා ලංකාවට ණය දෙන නම් ලංකාව ආර්ථික වශයෙන් කාර්යක්ෂම කරන්න ඕනේ කියන එක.


එතකොට ආර්ථික වශයෙන් කාර්යක්ෂම කරන්න නම් මේ රට ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් දීර්ඝකාලීනව තියෙනවා.  එකක් තමයි 2003 අවුරුද්දෙ වගේම 2010 අවුරුද්දේ ආවා ජාතික ජල කළමනාකරණ ප්‍රතිපත්තිය. එතකොට ජාතික ජල කළමනාකරණ ප්‍රතිපත්තිය හරහා ආණ්ඩුව උත්සාහ කරන්නේ ලංකාවේ ගොවි ජනතාවට දෙන ජලය අපතේ යනවා ඒ හින්දා මේකට යම් කිසි ගානක් නැත්නම් බද්දක් අය කළොත් එහෙම ජනතාව ජලය කළමනාකරණය කරන්න එකඟතාවයකට එනවා කියන පදනම මත ලංකාවේ ගොවියන්ට ලබා දෙන නැත්නම් මිනිස්සුන්ගේ ජලය පිළිබඳ තියෙන අයිතිය පෞද්ගලීකරණය කරන්න කියන ක්‍රියාවලිය ලෝක බැංකුව දිගින් දිගටම ඉල්ලීම්  කරනවා. එතකොට මේ සම්බන්ධව ආණ්ඩුව කීප සැරයක් උත්සහ කළා. නමුත් පරිසරවේදීන් වගේම මේ රටේ ජනතාව එකඟතාවයෙන් ඒ පනත් අපිට පරාජය කරන්න සිද්ධ වුණා. නමුත් ලෝක බැංකුව මේ සැරේ  ණය දෙනවනම් ප්‍රධාන කාර්යයක් තමයි මේ ජලය පෞද්ගලීකරණ ක්‍රියාවලියට ක්‍රියාවලියට ආණ්ඩුව එකඟ වෙන්න  ඕනෙ කියන එක.



ඊළඟට එක තමයි 2013 අවුරුද්දේ ආවා ලංකාවේ බීජ පනතක්. බීජ පනතේ කිව්වෙ සියලුම දේශීය බීජ බහුජාතික සමාගම්වලට ලබා දීම උදෙසා බීජ පෞද්ගලීකරණ අයිතිය මේ ආණ්ඩුව විසින් ලබා ගන්නවා නැත්නම් බීජ පෞද්ගලීකරණයට ආණ්ඩුව එකඟ වුණොත් තමයි ලෝක බැංකුවේ ආධාර ලබා දෙනවා කියන එකඟතාවයට 2013 අවුරුද්දේ ආවේ. එතකොට මෙන්න මේ බීජ පෞද්ගලීකරණ  ක්‍රියාවලිය කරන්න මේ වෙද්දි ආණ්ඩුව උත්සහ කරනවා. එතකොට මේ සියල්ලම කරන්න පුළුවන් වෙන්නේ දැන් ගොවි ජනතාව වී ගොවිතැනේ හේන් ගොවිතැනේ නියැලිලා ඉන්න ගොවි ජනතාව මේ ඉඩම් වලින් අයින් කලොත් කළොත් ආණ්ඩුවට පුළුවන් වෙනවා මෙන්න මේ බීජ අයිතිය පෞද්ගලීකරණය කරන වැඩේ කරන්න .ගොවිතැනින් ඉවත් වෙන ගොවි ජනතාවගේ ඉඩම් ලබාගෙන ඒවා පෞද්ගලික සමාගම්වලට ලබා දෙන වැඩේ කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබෙනවා.. ඒ හින්දා මේක බොහොම කුමන්ත්‍රණකාරීව සිද්ධ වෙන දෙයක්. ලංකාව වගේ රටක ආහාර අර්බුදයක් ස්වභාවිකව නිර්මාණය වෙන්න විදිහක් නැහැ. ඒකට හේතුව තමයි අපි දන්නවා තුන්සිය හැටපස් දවසෙම ඉර එළිය තියෙනවා, ලංකාවේ මෝසම් දෙකකින් වැසි හම්බවෙනවා. ලංකාවේ මධ්‍යයෙන් ගලා බසින ගංගා 103 ක් තියෙනවා.ඒ ගංගා 103 පෝෂණය වෙච්ච වැව් විසිපන්දාහක් වගේ තියෙනවා.ඒ හින්දා ජලය අතින් ලංකාව පෝෂණය වෙලා තියෙනවා ,ඉර එළිය අතින් ලංකාව පෝෂණය වෙලා තියෙනවා. ඒ හින්දා මේකට සුදුසු ගොවිතැනට සුදුසු බිමක් තියනවා.

ඒ හින්දා මේක හැදෙන බීජ අපි ගත්තොත් අලවර්ග එහෙම ගත්තොත් එහෙම විශාල අල වර්ග ගණනාවක් වී වර්ග ගත්තොත් එහෙම වී වර්ග 400 කට වැඩි ප්‍රමාණයක් ඊට පස්සෙ තව තවත් ධාන්‍ය බෝග සියල්ල මේ පොළොවෙ වගා කරන්න පුළුවන් වගා කරන්න හැකියාවක් තියෙනවා තවදුරටත් වගා කරනවා.එතකොට මේ වගේ රටක ආහාර අර්බුදයක් නිකං ඇති වෙන විදිහක් නැහැ. එතකොට මේ ආහාර අර්බුදය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ආහාර අර්බුදයක් කියන එක තමයි තියෙන්නේ.ආණ්ඩුව විසින් නිර්මාණය කරන ආහාර අර්බුදය ආණ්ඩුව විසින්ම කියනවා මේක automatically සිද්ද වෙන එකක්, මේක අපි කරන එකක් නෙමෙයි මේක ස්වභාවිකව සිද්ධ වෙන එකක් ඒ හින්ද ජනතාවට මොනාහරි ඔන්න කරගන්න කියනවා.හැබැයි මේක අපි  පැහැදිලිව කියනව පරිසරවේදීන් විදිහට  අගෝස්තු-සැප්තැම්බර් වෙද්දි ලංකාවේ ඇති වෙන ආහාර අර්බුදය නිකං ඇතිවන එකක් නෙමෙයි මේ රටේ රට තුළ නිර්මාණය කරන ආහාර අර්බුදයක්.ඒකට හේතු විදිහට අපි දන්නේ මේ ඉඩම් ලබාදීමට ලෝක බැංකුවට එකඟ වෙලා තියනවා.බහුජාතික සමාගම් වලට එකඟ වෙලා තියෙනවා ,ලංකාවට ඩොලර් ගෙන්න ගන්න ඕන නම් මෙන්න මේ ඉඩම් පෞද්ගලික පෞද්ගලීකරණය කරන එක බහුජාතික සමාගම් වලට ඉඩම් විකුණන එක ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා.ඒ සඳහා කරන සැලසුමේ ක්‍රියාවලියක් විදිහට තමයි මෙන්න මේ කියන ආහාර අර්බුදය රට තුළ නිර්මාණය කරන්නේ.


එතකොට මේ වගේ ආහාර අර්බුදයක් රට තුළ නිර්මාණය කරද්දි ම ආණ්ඩුව විසින් අපි දන්නවා මොරගහකන්ද කළු ගඟ ජලාශ නිර්මාණය කරා. කළු ගඟ කලුගග මොරගහකන්ද ජලාශ වලින් උතුරට මේ වෙද්දි විශාල ඇලක් කපනවා.එතකොට මේකෙ මේ වාරි ඇළ නිර්මාණය කරන්න ප්‍රධාන හේතුව විදිහට ආණ්ඩුව කියන්නේ උතුරේ ජනතාවට ජලය ලබා දෙන්න අවශ්‍යයි ඒ හින්ද තමයි මේ උතුරු මැද වාරි ඇල නිර්මාණය කරන්නේ කියලා. හැබැයි අපිට තියන ප්‍රශ්නේ තමයි උතුරේ ජනතාවට වතුර දෙන්න අවශ්‍යයි. අපි එක පිළිගන්නවා. නමුත් මේ ඇල කැපීමේ ප්‍රධාන අරමුණ තමයි උතුරු මැද උතුරු මැද වාරි ඇළ ඔස්සේ ප්‍රධාන වශයෙන් යාපනයට යනකන් දෙපැත්තෙ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබා දෙන්න මේ වෙද්දී ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා. ඒක ජාතික භෞතික සැලැස්මේ බොහොම පැහැදිලිව තියනවා.එතකොට උතුරේ ජනතාවට වතුර දෙනවා කියලා උතුරුමැද වාරි ඇල කපලා දෙපැත්තේ ඉඩම් බහු බහුජාතික සමාගම් වලට ලබා දෙන්න මේ වෙද්දී කටයුතු සැලසුම් කරලා තියෙනවා.එතකොට මේක තමයි මේ ආණ්ඩුවේ සැලසුම.

වතුර පෞද්ගලීකරණය කරන එක,ලංකාවේ බීජ අයිතිය පිටරට සමාගම් වලට ලබා දෙන එක ,ඒ වගේම තමයි ලංකාවේ ඉඩම් බහු බහුජාතික සමාගම්වලට ලබා දෙන එක. ඒ වැඩේ වෙනුවෙන් තමයි මේ වෙද්දි මහින්ද රාජපක්ෂ වෙනම තියාගෙන රනිල් ,ගෝඨාභය රාජපක්ෂ එකතුවෙලා මේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ. මොකද රටවල් තිස් හයක් එක්ක මේ වෙද්දි ගිවිසුම් ගහලා තියෙනවා මෙන්න මේ ඉඩම් පෞද්ගලීකරණය ජලය පෞද්ගලීකරණය බීජ පෞද්ගලීකරණය කියන කාර්යභාරය වලට.එතකොට ජනතා විරෝධය වෙන පැත්තකට හරවන්න පුළුවන් රට තුළ ආහාර අර්බුදයක් නිර්මාණය කළොත්. එතකොට මිනිස්සු උත්සහ කරන්නේ තමන්ගේ දරුවට කන්න දෙන්න මොනාහරි  හොයාගන්න. පෝලිම් වල තිබ්බොත් ඒගොල්ලොන්ට මේ අරගලේ වෙන පැත්තකට යවන්න පුළුවන්.

මේ වෙද්දි කරමින් ඉන්නෙ මේ පෝලිම් වල ජනතාව තියලා මේ එන ආණ්ඩු විරෝධය නවත්වන එක. ආහාර අර්බුදයක් නිර්මාණය කරලා ආණ්ඩුවේ විරෝධය නවත්වන එක මෙරට තුළ කරන්න උත්සාහ කරමින් ඉන්නවා.ඒ සියල්ලටම අවශ්‍ය සාධක මේ වෙද්දි ඒගොල්ලො හදමින් ඉන්නවා.ඒ හින්දා මේ රටේ මේ කරන්න හදන මේ නිර්මාණය කරන්න හදන ආහාර අර්බූදය ස්වභාවික ආහාර අර්බුදයක් නෙවෙයි. ඒ වගේම තමයි අපි දන්නවා 2005 අවුරුද්ද වෙද්දී වෙද්දි ලංකාවේ ණය ප්‍රමාණය ගත්තොත් එහෙම ඩොලර් බිලියන 11.36 වගේ තිබ්බ එක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරගෙන යද්දි 2014 අවුරුද්ද වෙද්දී එක ඩොලර් බිලියන 42.9 වගේ බවට පත්වෙනවා.එතකොට විශාල ණය ප්‍රමාණයක් අරගෙන සංවර්ධනය කියලා මහා මාර්ග හදන එක අධිවේගී මාර්ග හදන එක වරායවල් හදන එක සිද්ධ කළා, ලංකාවේ දැවැන්ත පරිසර විනාශයක් සිද්ධ කරමින්.සංවර්ධනය පිළිබඳ අයිතිය පිළිබඳව ප්‍රකාශයක් තියෙනවා 1989 අවුරුද්දේ.


ලෝක සම්මුතියකින් ආපු ප්‍රකාශයක්. එතකොට ලෝකයේ සංවර්ධනය පිළිබඳ එකඟ වෙන රටවල් වල ප්‍රධාන එකඟතාවය තියෙන්න ඕනේ මේ සංවර්ධනය තියෙන ප්‍රතිලාභ ජනතාවට බෙදී යනවා කියන එකඟතාවය මත තමයි රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය බැංකුවල ආධාර වගේ දේවල් ලබා දෙන්නේ. එතකොට ලංකාවේ හැබැයි සංවර්ධන ප්‍රතිලාභ ගියේ ජනතාවට නෙමෙයි. එකට උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි දන්නවා අඩි සීයේ පාර හදද්දි ,හම්බන්තොට විශාල ග්‍රවුන්ඩ් හදද්දි නැත්නම් වීරකැටිය වගේ ප්‍රදේශවල සංවර්ධන කටයුතු කරන්න ඉස්සෙල්ල ඒ පැත්තෙ ජනතාව දර කඩා ගෙන ඊට පස්සේ නියං වැටකොළු වගේ දේවල් අරගෙන ඇවිල්ල පාරේ ඒවා විකුණලා තමයි ජීවත් වුණේ.  හැබැයි මේ සංවර්ධන ක්‍රියාවලිය පටන් ගත්තට පස්සේ ඒ පැත්තෙ තිබ්බ විශාල කැලෑ ප්‍රමාණයක් විනාස කලා.විනාස කරලා ඒ පැත්තෙ මිනිසුන්ට ජීවත් වෙන්න මාර්ගයක් අද වෙද්දි අහිමි කරල තියෙනවා.. අද වෙද්දි ඕගොල්ලො බැලුවොත්  විශාලම දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවක් හම්බන්තොට වගේ ප්‍රදේශ වල ඉන්නවා, හැබැයි ඒ පැත්ත විශාල වශයෙන් සංවර්ධන කටයුතු වෙලා තියෙනවා.මේ සංවර්ධනය පිළිබඳ ප්‍රකාශයට අනුව ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදලා යන්න ඕන වුණත් මේ සංවර්ධනය ප්‍රතිලාභ බෙදිලා ගියේ මහින්ද රාජපක්ෂ පවුලට විතරයි.එතකොට මේ මහා හොරු කල්ලියක් විසින් මේ රට විනාස කරලා කා දමලා අද වෙද්දි ජනතාවට කන්න තියෙන නැත්නම් ආහාර පිළිබඳ තියෙන නිදහස පෝෂණය පිළිබඳ තියෙන නිදහස බොන්න වතුර පිළිබඳ තියෙන නිදහස මේ රටේ හුස්ම ගැනීමේ නිදහස අහිමි කරලා තමයි මේ මිනිස්සු මේ රටෙන් යන්නේ කියන එක අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන්.. එහෙම මේ රටේ ජනතාවට මේ අරගලයකින් තොර තොර ජයග්‍රහණයක් නැහැ.ඒ හින්දා මේ රටේ සිද්දවෙන ආහාර අර්බුදය විසින් නිර්මාණය කරන ළමයින් බඩගින්නේ තියෙන එක, මන්දපෝෂණය වගේ දේවල් ඒ වගේම මේ රටේ කන්න නැතුව මිනිස්සු මියයන එක මේ සියල්ලටම රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ රනිල්ලා ,ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මේ ජුන්ටාව වගකියන්න ඕනේ.  මේක මේ automatically නැත්නම් ස්වභාවිකව නිර්මාණය වුන එකක් නෙමෙයි.


තවදුරටත් ජනතාවට කියන්නේ අගෝස්තු අගෝස්තු-සැප්තැම්බර් වෙද්දි මිනිස්සු මේ රටේ මියයයි කන්න නැතුව.මේක ස්වභාවික ක්‍රියාවලියක් විසින් නෙමේ මේ රටේ වෙළෙඳ පොළේ අයිතිය පවා අද වෙද්දි කළු කඩ කාරයින්ට ලබාදීලා තියෙනවා. එතකොට පිටරටකින් ගේන්න දේවල් වුණත් හසුර වීම සිද්ධ කරන්නේ කළු කඩ කාරයින් විසින් .එතකොට කළු කඩ කාරයින්ට මේ රට පාලනය කරන්න ඕනේ නම් ආණ්ඩුවක් වැඩක් නැහැ. ඒ හින්දා මේ හොරා කන එවුන්ට හොරා කන්න ඉඩ දීලා මේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය කරන්න ආණ්ඩුව හදනවා. මේ සියල්ලගේම වගකීම මැරෙන දරුවෙක් ගානේ කන්න නැතුව නැතුව මැරෙන දරුවන්ගේ  ජීවිතවල වගකීම මේ රාජපක්ෂලා ගන්න ඕනේ. අගෝස්තු විතර වෙද්දි මේ රටේ මිනිස්සු කන්න නැතිව මැරෙයි.


මේකෙ වගකීම රාජපක්ෂලා ,රනිල්ලා මේ ආණ්ඩු කරන මිනිස්සු ඇමතිලා සියලු දෙනාම ගන්න ඕනේ. ඒ හින්ද අපේ රටේ ජනතාවට කියන්නේ මේ රටේ මිනිස්සු කන්නැතුව මැරෙන්න ඕනේ නැහැ.මොකද රටේ 65610 ක් වර්ග කිලෝමීටර් ඉතාම ස්වයංපෝෂිතයි. මේ රටේ මීටර් නැත්නම් වර්ග කිලෝ මීටර් දෙක තුනක් යද්දි හැම වෙලේම ඇළක් ,දොළක්, වැවක් අපිට හම්බවෙනවා ජලෙන් ස්වයංපෝෂිත රටක්. එතකොට මෙහෙම රටක මිනිස්සු නැත්නම් පෙරදිග ධාන්‍යාගාරයේ ඉස්සර කන්න නැතුව මැරෙන්න අවශ්‍ය මිනිස්සු නෙමෙයි මේ රටේ ඉන්නේ. ඒ හින්දා මේ රටට මේ සාපය නිර්මාණය කරන මේ රාජපක්ෂ ඇතුළු ජුන්ටාව එළ වන තෙක් අපි සටන් කරමු කියන ඉල්ලීම ජනතාවගෙන් කරන ගමන් මේ ආහාර අර්බුදය ඇත්තටම රනිල්ලා ,රාජපක්ෂලා එකතුවෙලා නිර්මාණය කරන දෙයක් මිසක් මේක ස්වභාවික දෙයක් නෙමෙයි කියන එක කියන්න කැමතියි.