මගෙන් රටට නමැති සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කොරියානු රැකියා සම්බන්ධයෙන් පවතින අවිනිහ්චිත බව හා ඩොලර් අර්බුදය විසඳා ගත හැකි ක්‍රම පිළිබඳ සිය අදහස් මෙසේ ප්‍රකාශ කර සිටියේය.
අපි අද දවසේ අපි මාධ්‍ය හමුවකට වාඩිවෙන්නේ තවත් බලපෙරළියක් වුන වේලාවක. දැන් කියන්නත් සතුටුයි. මේ සතුට අපට දිගටම තියාගන්නට අවශ්‍යයි. අලුතෙන් අමාත්‍යවරු පත්වෙලා තියෙනවා විශේෂෙන්ම කියනවා නම් විදේශ කටයුතු අමාත්‍යංශයට. ඒ වගේම තවත් අමාත්‍යවරුන් රාශියක් පත්වෙලා ඉන්නවා. ඒ අමාත්‍යවරුන් යුහුසුළුව ලෑස්ති වෙලා ඉන්නවා තමන්ගේ මේ වැඩපිළිවෙළ කොටින්ම කියනවා නම් මේ වැඩ පෙන්නන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වැඩ පෙන්වන වෙලාවේ අපි අපි තව යෝජනා කිහිපයක් අරගෙන එනවා මේ මාධ්‍ය හමුව හරහා. ඇත්තටම අපි මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ?
මේ රටට ඩොලර් හිඟයක් පවතිනවා. ඩොලර් හිඟයක් පවතිනවා නම් අපි කරන්න ඕනේ මේ රටට පුළුවන් තරම් ඩොලර් ලැබෙන ආයෝජන එහෙම නැත්නම් මේ විදේශ ශ්‍රමිකයන්ට එ අවස්ථාව ලබලා තියෙන මේ රටට ගන්න පුළුවන් ඩොලර් ටික උපරිමයෙන් ලඟා කරගන්න උත්සාහ කර කරගන්න ඕනි. හැබැයි පහුගිය කාලේ පුරාවටම මේ පහුගිය වසර දෙක පුරාවටම යම්කිසි විදේශ ශ්‍රමිකයන්ගේ රටවල් වලට යැවීමේ කිසියම් ප්‍රතිශතයේ අඩුවක් තිබ්බා. ඒක විශේෂ බලපෑම අපේ කොරියාවට යන විදේශ ශ්‍රමිකයන්ට. ඒකට පහුගිය කාලයේදී නොයෙකුත් කරුණු කාරණා කිව්වා. එක වෙලාවකදී කියනවා කොරියාවෙන් මේ අයදුම්පත්‍රය නිසි විදිහට ලැබිලා නැහැ, කොරියාවෙන් visa ඇප්ලයි වෙලා නැහැ. හැබැයි අපි මේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කළා ඒ පුළුල් අධ්‍යනය කලහම අපට දැනගන්න ලැබුණා වෙනත් රටවල් වලින් කොරියාවට යවන මෙ සාපේක්ෂව යවන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා කියලා.එහෙනම් මේකෙ මොකක්ද ගැටලුව.
ගැටලුව තමයි මේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු නියුක්ති කාර්යාංශය මේ සම්බන්ධයෙන් දක්වන අල්ප මාත්‍ර සැලකිල්ල. කොටින්ම කියනවනම් කුඩම්මාගේ සැලකිල්ල. හැබැයි අපිට මේ මංගල රන්දෙනිය මහත්මයා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මාධ්‍ය ප්‍රකාශකතුමා, ඒ වගේම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍ය අධිකාරිතුමා කියන විදිහට නම් මෙතන කිසිම ප්‍රශ්නයක් පේනනේ නැති බවක් තමයි පේන්නේ. එතුමා බොහොම සරලව උත්තර දෙනව මේ රටට ඩොලර් ගෙන වැඩපිළිවෙළේ මේ ශ්‍රමිකයන් ටික යවන්නට අපි අවශ්‍යයි කිව්වහම, නෑ ඒ සඳහා සියලුම කටයුතු කාරණා අපි කරලා කරල තියෙන්නෙ. මේ කොරියාවෙන් ඉල්ලන කන් තමයි අපි බලාගෙන ඉන්න කියලා.ඒ වගේම තව වෙලාවකදි ඒ මහත්මයා කියනවා මේ කොරියාවේ මහ මැතිවරණයක් තියෙනවනේ.ඒ මහ මැතිවරණය නිසා තමයි මේක පරක්කු වෙලා තියෙන්නෙ කියලා. මම ඇහුවා අපේ සහෝදරයෙක් කොරියාවේ වැඩ කරන.
දැන් කොරියාවෙ මහමැතිවරණය තියෙනවා එදාට ඕගොල්ලො කොහොමද වැඩ කරන්නේ කියලා.ඒගොල්ලෝ කියනවා පැය හතරයි අපිට නිවාඩු දෙන්නේ. කොරියාවෙ ඉන්න අර සජම්නිම්ලා අහනවලු අපි තමයි ඡන්දෙ දෙන්නේ උඹලට තියෙන අමාරුව මොකක්ද, උඹලට දෙන්නම් ඕන්නම් පැය හතරක නිවාඩුවක් එතනින් එහාට නිවාඩුවක් දෙන්නෙ නෑ කියලා කියනවලු.. ඉතින් ඒක කොරියාවෙ තියෙන මහ මැතිවරණය ප්‍රශ්න වෙලා තියෙන්නෙ මේ ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. හරියට අර රුසියාව යුද්දෙ පවතින වෙලාවේ ලංකාවේ තෙල් වැඩි වුණා වගේ තමයි ඒකත්.
ඉතින් මම කියන මේ අලුත් අමාත්‍යවරයෙක් පාත් පත්වෙලා ඉන්න වෙලාවේ අලුත් අග්‍රාමාත්‍යතුමා මේ විදේශිකයන්ටත් විදේශිකයන්ට ආරාධනය කරනවා අර බෝඩ් ලෑල්ල අල්ලගෙන ගෝඨාගෝගමට වෙලා ඉන්න කියලා.ඒ වෙලාවේ එතුමාටත් අපි බලන්න කියනවා පැහැදිලිවම මේ විදේශික ශ්‍රමිකයින්ට මේ අවස්ථාව උදා කරලා දෙන්න කියලා අපි වෙනත් රටවල් එක්ක සංසන්දනය කලා වෙනත් රටවලින් මාසෙකට දෙසීයක් යවනව නම් ලංකාවෙන් කොරියාවට යන්නේ 30, 40.. ඒ ප්‍රතිශතය පැහැදිලිවම අඩුකමක් තියෙනවා.ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දෙවැනිවර මේ විශේෂ විභාගය ලියපු අවුරුදු හතරයි මාස දහයක් කොරියාවේ ඉඳලා ආවෙ මේ සහෝදරයින්ට නැවත වතාවක් යාමට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහැරිලා තියෙනවා. 2018 ඔවුන්ගේ නැහැ 2019 ඔවුන්ගේ නැහැ.2020 යන්න බැරිවෙලා 2021 දීත් ඒ සෙතේම තමයි ඒ බනම තමයි මේ මංගල රන්දෙණිය මහත්මයා කියන්නේ.
අඩුම තරමේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පිළිබඳව අල්ප මාත්‍ර පැහැදිලි කිරීමක් ඒගොල්ලොන්ගෙ ඒ කියමන පිළිබඳ පිළිගැනීමක් මේ අපේ ඉන්න කොරියන් සහෝදරයින්ට නැති වෙලා තියෙනවා.. මේකට හේතුව මොකක්ද ? අපි සංවිධානයක් විදියට බැලුවා මේ රටට විදේශ විනිමය එන්න තියන අවස්ථාවක්. එක අවුරුද්දක ඒ මාසේ අදාළ සියලුම තෙල් නැව් වලට මුදල් කොරියාවේ එන ඩොලර් වලින් තමයි අපේ ලංකාව ගෙව්ව්. එහෙම නම් මොකද්ද මේ ඇතිවෙලා තියෙන අභාග්‍යසම්පන්න කටයුත්ත? බලාගෙන ගියහම මේ කොරියන් මේ දේවල් කරන්නට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉන්නේ මේ එක translator කෙනයි .ඒ වගේම තමයි අපේ දුර්භාග්‍ය ඉතාමත් අවාසනාවන්ත සිදුවීම තමයි කොරියාවේ හරි තානාපති කෙනෙක් නෑ.එහෙ ඉන්නේ වැඩබලන තානාපතිවරියක් ඉන්නේ.ස්ථිර තානාපතිවරයෙක් මේ වෙනකොටත් කොරියාවට පත් කරලා නැහැ. ඒ වගේම මේ සියලුම දේවල් සම්බන්ධීකරණය කරන්නේ කොරියාවෙ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක.
ඔවුන් එක්ක සම්බන්ධීකරණය කරන්න නම් කොරියන් භාෂාව දැනගෙන ඉන්න ඕනේ.ඒ භාෂාව දන්න එක භාෂා පරිවර්තකයයි මේකේ ඉන්නේ. ඒ වගේම අද ඇප්ලිකේෂන් සීයක් මේ මාසයේ යැව්ව නම් ඒ සියෙන් 50ක් රිජෙක්ට් වෙලා එනවා.එහෙනම් මොකද්ද මේකට හේතුව ?මේ විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ ඉන්න සේවකයන්ගේ නොසැලකිල්ල .අපි ඒගොල්ලොන්ට මෙච්චර පඩි ගෙවනවා. මහජන බදු මුදලින් පඩි ගෙවනවා. හැබැයි මේ කොරියාවට යන්න ඉනින ශ්රමිකයෙක්ගේ application එක හරියට පුරවලා යවන්න තරම් හැකියාවක් ඒගොල්ලොන්ට නැහැ. හැබැයි මේ සියලුම දේවල් සියළුම වැරදි අර මංගල රන්දෙනිය මහත්මයාගේ කයිවාරු කතා වලට වැහිලා තියෙනවා.ඒ මහත්මයා කට ඇරලා කයිවාරුවක් කියලා මේ දේවල් මෙහෙම නෙමෙයි වෙන්නේ කියලා කියපු ගමන් හරි ලස්සනට සූක්ෂම විදිහට මිනිස්සුන්ව අන්දවනවා. ඒ වගේම මේ කොරියාවට යන්න ඉන්න ශ්‍රමිකයෝ අන්ඳලා කියනවා අවස්ථාව මෙතනින් නෙමේ හැදෙන්න ඕනෙ කොරියාව පැත්තෙන් තමයි හැදෙන්න ඕන කියලා. එතකොට අර සජංනිම් ට කියනවා සජංනිම් මේගොල්ලෝ ගේන්න ලංකාවට එන්න කිව්වට පස්සේ ඒගොල්ලොන්ට ගිහිල්ලා කියනවා නොදම්ඹුවට ගිහිල්ලා බලන්න කියලා. නොදම්ඹුව නෙමෙයි කියන්නත් ලැජ්ජයි මේක එපා වෙන තත්වෙට පත් කරලා තියෙන්නේ මේ ලංකාවෙ ඉන්න නිලධාරීන්. එහෙම නම් රටට ඩොලර් ගේන්න තියන අවස්ථාවක් නැති කරන්න එපා. ගෞරවනීය අමාත්‍යතුමනි මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යතුමනි ඔබගෙන්ම මේ ඉල්ලනවා මේ වෙලාවේ ඔබතුමා වැඩ පෙන්නන අවස්ථාවක් කරගන්න. පුළුවන් නම් මේ කොරියාවට යවන්න ඉන්න 2300ක් සිටිනවා. මේ 2300 ශ්‍රමිකයෝ ටික යවන්න.
විශේෂයෙන් ඔවුන් යවනව නම් එය යවන වෙලාවේ දෙවැනි වර විභාගය ලියලා යන දෙවැනි වර මේ කොරියන් සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න අයව යවන්න කටයුතු කරන්න කියලා. එහෙම නැත්නම් වෙන්නේ අවුරුදු හතරයි මාස දහයෙන් පස්සේ අර කොරියාවට යන කට්ටිය එන්නේ නැහැ ලංකාවට.ඒගොල්ලො වීසා නැතුව කොරියාවේ රැඳී ඉන්නවා. එහෙම වුනොත් නැවත වතාවක් අපිට රැකියා වලට තියෙන අවස්ථාව නැති වෙනවා.ඒ දේ කරගන්න දඟලන්න එපා. ඒ දේ කරන්න එපා මේක ජාතික අපරාධයක්. මේ ඩොලර් ටික ලංකාවට ගේනවා නම් එය ඩොලර් ටික කොයි වෙලේ හරි ගන්න. වෙන අවශ්‍ය දේවල් වලට අනවශ්‍ය වැඩ වලට ඔය යුරෝපයේ සීතල කාමරවලට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් යවන්න එපා.යවන්න කොරියාවට. ඒ ප්‍රමාණය වැඩි කරන්න. ඒ යවන ප්‍රමාණය වැඩි කරලා සේවාව උපරිමයෙන්ම ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
ඒ වාගේම වගේම මාස හයට නමසීයක් ගිහිල්ලා තියෙනවා පහුගිය මාස හයේදී. නමසීය කියන්නේ බොහොම සුළු අගයක්. සතියකට එතකොට හතළිහක් වගේ තමයි ගිහිල්ලා තියෙන්නෙ. එ 40 යනවනම් බලන්න මේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ කරන ප්‍රමාණය ඒ ප්‍රමාණයට කොච්චර පඩියක් අපි ගෙවනවද මහජන බදු මුදලින්. ඒ මුදල් නාස්තිය නැති කරන්න උපරිම ඵලදායිතාවයෙන් යුක්තව ඔය මංගල රන්දෙනිය මහත්මයාට මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා අපි ඔබතුමා එක තරහක් නැහැ. ඔබතුමාගේ අර රැවටෙන කතා වලට හරි සූක්ෂම කතා වලට අපි හරි කැමතියි.ඒ කටින් කරන වැඩේ අතින් කරලා පෙන්නන්න පුළුවන් නම් මේ කොරියාවේ ඉන්න සහෝදරයෝ ටික නැවත වතාවක් ඇවිල්ල දෙවැනි වර විශේෂ විභාගය ලියපු සහෝදරයෝ ඇතුළුව අලුතෙන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලු දෙනාට කිසිම පැකිලීමකින් තොරව පුලුවන්නම් යවන්න. ඒ වගේම මේ කටයුත්ත අධීක්ෂණය කරන එක මනුෂ නානායක්කාර ඇමතිතුමනි ඔබතුමාට බාරයි.
0 Comments