VAT-hiked-to-15-percent

මේ අවස්ථාවේ සියයට 8 ක්ව පවතින වැට් බදු අනුපාතය සියයට 15 දක්වා ඉහළ දැමීමට මහ බැංකුව සූදානම් වන බවට තොරතුරු පළව තිබේ. එය බොහෝ දුරට මැයි මස මුල් සතිය තුළදී සිදු කිරීමට නියමිතය.




වැට් බද්ද ඉහළයාම සමග රජය විශාල වශයෙන් මුදල් ජනතාවගෙන් රැස් කරගන්නට අපේක්ෂා කරන නමුත් මේ වනවිට ජීවන වියදම ඉහළයාම නිසා අධික මූල්‍ය පීඩනයක සිටන පාරිභෝගිකයන්ට බදු අනුපාතය දෙගුණයකටත් වඩා ඉහළ දැමීම දරාගන්නට අපහසු තත්වයක් වනු ඇත. මේ හේතුවෙන් බොහෝ භාන්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළ යනු ඇත.
යහපාලන රජය යටතේ සියයට 15 කට වැට් බද්ද පැවති අතර ගෝඨාභය රාජපක්ෂ රජය පැමිණි පසුව ජනතාවට සහන සැලසීමේ පොරොන්දුවක් ඉටු කරන බව පවසමින් මෙම වැට් බද්ද සියයට 7 කින් පහළට දමා සියයට 8 ලෙස වෙනස් කළේය.

ඒ හේතුවෙන් රජයට ලැබිය හැකි බදු ආදායම විශාල වශයෙන් ශිඝ්‍ර ලෙස පහත ගියේය. මෙම වෙනස ඉදිරි ආර්ථිකයට දරාගන්නට අපහසු තත්වයක් විය හැකි බවට ඒ දිනවල ආර්ථික විශේෂඥයින් අනතුරු හඟවා තිබුණ අතරම වර්තමානයේ ආර්ථික කඩාවැටීමට එය එක් හේතුවක්වූ බව බ්ලූම්බර්ග් ආර්ථික විශ්ලේෂකයින්ද පෙන්වා දී තිබේ.
සියයට 15 දක්වා වැට් බද්ද යළි ඉහළ දමන්නේ ශ්‍රී ලංකාවට ණය සපයන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව  බවද දැනගන්නට ලැබේ.