අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපතක් අසත්‍ය තොරතුරු සපයා ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව අද (27) අධිකරණය ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව ඇයට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.
රාජපක්ෂ රජයේ හිටපු ප්රබලයෙකුගේ පවුලේ කෙනෙකුට මෙවැනි දඩුවමක් ලංකාවේදී ලැබුණ පළමු වතාව මෙයයි.
වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 වැනිදා සහ 2015 පෙබරවාරි මස 26 වැනිදා අතර කාලය තුළදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම ශෂී වීරවංශට ඇති චෝදනාවයි.
ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයේ සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන්දින හැටියට වර්ෂ දෙකක් ඇතුළත්ව තිබුණ බව හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මීට පෙර සාක්ෂි දී තිබිණි.
ශෂී වීරවංශ 1967 වසරේ ඉපිද ඇති නමුත් එයද 1971 දී උපත ලැබූ බවට වෙනස් කරගෙන ඇති බවත් විමල්ද උපන් දිනය වෙනස්කරගෙන දරුවන්ගේ උපන්දිනද වෙනස් කරගෙන ඇති බවත් නඩු විභාගය අතරදී අනාවරණය විය.
රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා “තම බිරිඳට රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාදෙන” මෙන් එවකට නිවාස හා ඉදිකිරීම් ඇමති පදවියේ කටයුතු කළ විමල් වීරවංශ මහතා දුරකථනයෙන් තමාගෙන් ඉල්ලීමක් කළ බවද අධිකරණයට දැනුම් දී තිබූ අතර මෙම නඩුව අනුව විමල්ගේ බිරිය මෙන්ම විමල්ද වැරදි කර ඇති බවට කරුනු ගොනුවී තිබේ.
නඩු තීන්දුව අප්‍රේල් 10 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ ලබාදීමට නියමිතව තිබී අද මැයි 27ට කල් තබා මෙම තීන්දුව ලබාදුණි.
ශෂී වීරවංශට ඒ අනුව වසර 2 ක සිර දඩුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇත.
0 Comments