amarakeerthi-athukorala-murdfer-update

පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව නිමි ඇඳුම් සාප්පුවකදී ඝාතනය කිරීමෙන්පසු මියගිය අයගේ ඇඳුම් ඉවත් කර ඔවුන් සාප්පු තරප්පු පෙළ දිගේ ලේ සමග ඇදගෙන ඇවිත් ප්‍රසිද්ධියේ පේමන්ටුවක දමා තිබුණි.
මෙම ම්ලේච්ඡ ඝාතනය අවස්ථාවේ එකී රියදුරුගේ ඇඳුම් උනද්දී සාක්කුවේ පසුම්බියක තිබූ ඒටිඑම් කාඩ්ද සොරාගෙන තිබූ අතර දැනට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය එම ඒටීඑම් කාඩ් මගින් භාන්ඩ ලබාගැනීමට උත්සාහ කළ අය හඳුනාගෙන අත්අඩංගුවට ගන්නට හැකිව තිබේ.
වැඩිදුර විමසීමේදී මේ සොරකම කර ඇත්තේ මත්ද්‍රව්‍ය සඳහා අධික ලෙස ඇබ්බැහිවූ දෙන්නෙකු බවද පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (25) දිනයේද දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් මේ වනවිට 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පවසයි.


සොරකම් කළ සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ දෙදෙනෙක් බවට ලැබුන තොරතුරු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ විස්තර කළේය.

“මන්ත්‍රීවරයා පැමිණි වාහනයේ රියැදුරාව රැගෙන ගොස් මාර්ගයේ තිබූ ලයිට් කණුවක ගැටගසා පහරදී තිබුණා. එම අවස්ථාවේ හෝ මරා දැමූ පසු තමා සොරකම සිදුව ඇත්තේ.එම රියදුරාගේ බිරිඳට අයත් ඒ ටී එම් පතයි ඔහු සතුව තිබුනේ. එය ලබාගෙන විවිධ ආයතනවලට ගොස් ලක්ෂ 2 1/2 ක පමණ වටිනා භාණ්ඩ මිලදී ගෙන සමහර භාණ්ඩ විකුණලා තිබුණා. එයින් ලැබුණු මුදල් මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගෙන ඇති බවට අනාවරණය වෙලා තිබෙනවා.”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ “මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක විමර්ශන අංශය” මගින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


සිද්ධියට අදාළ පෙර වාර්තා