anti-protest-updates

11.30
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මාකුඹුර අධිවේගී මාර්ගය අසලදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. පහරදීමෙන් මන්ත්‍රීවරයාට සුළු තුවාල සිදුවී ඇත.


11.20
හෙට (මැයි 10) උදෑසනින් අවසන් වීමට තිබූ ඇඳිරි නීතිය බදාදා (මැයි 11) උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පැවසීය.
11.10
කොළඹ අරලිය ගහ මන්දිරය අසළ අහසට වෙඩි තැබීම් සිදුව ඇත.
වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු බව ජනතාව සඳහන් කරයි. ඇඳිරි නීතිය නොතකා රැස්ව සිටින ජනතාව පාලනය කිරීමේ අපේක්ෂාවෙන් පොලීසියවෙඩි ප්‍රහාර කිහිපයක් අහසට තබා ඇති බව වාර්තා විය.
11.00
නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
"අද දින ගාලු මුවදුරේ පැවති ප්‍රචණ්ඩකාරී ක්‍රියවලිය ට සහභාගී වූ අයවලුන ට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියා කිරීමට ශ්‍රීලංකා නීතිඥ සංගමය යුහුසුළු ව කටයුතු කරමින් සිටින අතර එතෙක් සන්සුන් වන මෙන් මහජනතාව ගෙන් මෙසේ දැනුම්දෙමු," යැයි ද එහි දැක්වේ.
10.55
මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩ්න් හෝටලයට ප්‍රදේශවාසීන් විසින් ගිනි තබා තිබෙනවා. මෙම හෝටලය දයාන් ලාන්සාට අයත් හෝටලයක් ලෙසයි සැලකෙයි. ඇතුළත නවතා තිබූ ලැම්බෝගිනි සුපිරි මෝටර් රථවලටද ගිනි තබා ඇත.
10.45
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇත.
10.15
වීරකැටිය ප්‍රාදේශීය සභාපතිගේ නිවස අසල ඇතිවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 08 දෙනකු තුවාල ලබා ඇත.තුවාල ලැබූ පිරිස තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
10.05
උතුරු මැද පළාත් මහ ඇමැති මහීපාල හේරත් සහ ඔහුගේ පුත් අමාත්‍ය කනක හේරත් මහතාගේ නිවෙසට ද ගිනි තබා ඇතැයි ද වාර්තා වේ. ගින්නෙන් නිවෙස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ද වාර්තා වේ.
10.00
රාජපක්ෂ පවුලේ මැදමුලන පාරම්පරික නිවසට ජනතාව ගිනි තබයි (VIDEO) විස්තරය මෙතැනින්
9.45
උද්ගතව ඇති තත්ත්වය යටතේ සන්සුන්ව සාමකාමීව හැසිරෙන ලෙස ආරක්ෂක ලේකම්වරයාත්, යුදහමුදාපතිවරයාත් ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.
9.40
ගාමිණී ‌ලොකුගේ මහතාගේ නිවෙසටද ගිනි තැබීමටද පිරිසක් කටයුතු කොට ඇත.
9.15
පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබේ.
කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට තුවාල ලැබූ පුද්ගලයන් 173ක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවය.
9.00
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ කාර්යාලයට විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙයි.
 රමේෂ් පතිරණගේ නිවාසයටද විරෝධතාකරුවන් ගිනිතබා තිබෙයි.
8.45
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ, අලව්ව මහරච්චිමුල්ල සැවැන්දන පිහිටි නිවසට ගිනි තබා ඇත.
8.40
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පල නිවස ගිනි තබා අලුගොඩක් බවට පත් කර තිබේ. ප්‍රසන්න රණතුංගගේ පුද්ගලික ලේකම්වරයාගේ නිවසටත් විරෝධතාකරුවෝ ගිනි තබා ඇත.
8.35
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසට අද  සවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇත.
 8.00
ඇදිරි නීතියද නොතකා විරෝධය දක්වමින් සිටින පිරිසකට  අරලියගහ මන්දිරය අසල කඳුළු ගෑස් එල්ල කර තිබේ.


අරලියගහ මන්දිරය අසලට රැස්ව කලහකාරිව හැසිරෙන පිරිස් ඉවත් කිරීම සඳහා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය පවසයි. එම ස්ථානයේ ගිනිගැනීමක් ගැනද වාර්තා විය.
7.45
වීරකැටිය, මැදමුලන පිහිටි ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබේ. 


7.40
ශ්‍රී ලංකා පරිපාලන සේවය සිය සේවාවන්ගෙන් සම්පූර්නයෙන් ඉවත්වී විරෝධය දක්වන බව දන්වා ඇත.
7.39
සෞඛ්‍ය වෘත්තිකයින් අඛන්ඩ වැඩවර්ජනයක් සිදු කරන බව දන්වා ඇත.
7.35
මහනායක හිමිවරුන් අද සිදුවූ සිද්ධිය හෙළාදකිමින් සිය අප්‍රසාදය රජයට එල්ල කර ඇත.
7.20
සනත් නිශාන්ත - ජොන්ස්ටන් - තුෂාර සංජිව - නිමල් ලන්සා- තිස්ස කුට්ටි දේපළ අලාබ  විස්තර මෙතැනින්
6.00
නිට්ටඹුව උද්ඝෝෂණය අතරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල  ඇතුළු 3 ක් මරුට විස්තරය මෙතැනින්
 5.40
පිරිස් රැගෙන ආ මොරටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවසට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබෙන බව වාර්තාවේ. නිවසේ ජනෙල් වීදුරුවලට ගල් ගසා ඇති අතර නිවස තුළින් දුම්රොටු පැනනගින බවද සවස වාර්තා විය.


සමන් ලාල් අද දින නගර සභාවේ සේවකයින් 500කට ආසන්න පිරිසක් බස් රථ 8 ක නංවා ගෝටාගෝගම ප්‍රහාරයට හා මහින්ද සහයක රැස්වීමට ගෙන්වාගෙන තිබුණි. විස්තර හා ඡායාරූප මෙතැනින්


5.25
අද පැවති මහින්ද රාජපක්ෂට සහය පළ කිරීමේ උද්ඝෝෂණ හා මහින්ද විරෝධීන් පළවාහැරීමේ මෙහෙයුමේදී අදාළ පිරිස් කැටුව ආ බව සැලකෙන කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් පහරදී ඇති අතර ඔහුගේ කලිසම උනා දමා යට ඇඳුම පිටින් මහපාරේ දමා ගොස් තිබේ. තමාව රෝහලකට රැගෙන යන්නැයි ඉල්ලමින් ඔහු කෙදිරි ගාන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. විඩියෝව හා විස්තරය මෙතැනින්
5.15
සිය පාක්ෂිකයින් ඉදිරියේ අද දින මහින්ද රාජපක්ෂ සිය අගමැති ධූරයේ අවසන් කතාව කළේය. වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් මෙම කතාව අතරතුර සෙනග ඔහු වට කර සිටිනු දක්නට ලැබිණි.
මම ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගන්නවා යන්න ඔහු කියූ වැදගත් අදහසකි.


4.59
ගෝටාගෝගමට පහරදීමට ගිය කන්ඩායම් ප්‍රවාහනය කරමින් අරලියගහ මැදුර අසලට ගිය බවට අංක මගින් තහවුරුවූ බස් රථයක් මහරගමදී පෙරළා දමන්නට විරෝධතාකරුවන් කටයුතු කර තිබේ.ඡායාරූප සහිත විස්තරය මෙතැනින්
4.49
ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතාවට පහරදෙමින් ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමෙන් පසු තුවාලකරුවන් 104 දෙනෙකු මේවනවිට රෝහල් ගත කර ඇතැයි නවතම සෞඛ්‍ය අංශ වාර්තා පෙන්නුම් කරයි.


 4.40
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස අරලියගහ මැදුරේදී අන්තිම කතාව සිය පාක්ෂිකයින් ඉදිරියේ අද දින කළේය. වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගත් අතර ඔහු ආධාරක භාවිත කළේනැත. මෙම කතාව අතරතුර සෙනග ඔහු වට කර සිටිනු දක්නට ලැබිණි. මම ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගන්නවා යන්න ඔහු කියූ වැදගත් අදහසකි.
සම්පූර්ණ කතාවේ වීඩියෝව මෙතැනින්
4.35
ඇමතිධූර අහෝසිවන බව නොදැන අමාත්‍යවරුන් දෙදෙනකු සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ. ඒ ස‍ෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාය..අගමැති මහින්ද ඉල්ලා අස්වීම සමග මේ සියලු දෙනාගේ ප්තවීම් ඉබේම අහෝසිවී යන බව නොදැන හෝ අගමැති අද ඉල්ලා අස්නොවේය යන අදහසින් ඉල්ලීම් කරන්නට ඇතැයි සැක කෙරේ.


4.25
ජනාධිපතිවරයාට එරෙහි  දෝෂාභියෝගයත් පාර්ලිමේන්තු න්‍යාය පුස්ථකයට ඇතුළත් කර ඇත.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහි  දෝෂාභියෝග යෝජනාව විවාදයට ගන්නා දිනය අනිද්දා (11) බදාදා  තීරණය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  අද (9)  තීරණය කළේය.


4.15
අගමැතිවරයාට සහාය දීමට බස් රථයකින් පැමිණි ජනතාව ප්‍රහාර සදහා පැමිනි අවස්ථාවේ ඔවුන් අල්ලා බේරේ වැවට දැමීමට තරුණ පිරිසක් කටයුතු කර තිබිණ.එහි වීඩියෝව මෙතැනින්
3.55
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙන බව තහවුරු කළ ආරංචි වාර්තා කරයි.

රටේ පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් රටේ ඇතිවී තිබෙන විරෝධතාවය හමුවේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
අවස්තා 4 කදී ඉල්ලා අස්වන බවට වැරදි ආරංචි පැතිර ගියත් මෙවර ආරංචිය නිවැරදිය. විස්තර මෙතැනින්
 3.50

 ජන අරගලයට පහරදීම සඳහා පැමිණි යැයි සැකකෙරෙන පිරිස් රැගෙන ආ බස් රථ වලට කිසියම් කණ්ඩායමක් ගිනි තබා ඇතැයි වාර්තාවේ විස්තරය මෙතැනින්

3.24
පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් විසින් මහනුවර ගෝඨාගෝ ගම පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ.මේ වනවිටත් තත්වය උණුසුම්ය.


3.22
රටේ මේ වන විට පවතින නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සඳහන් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.



3.20
අද (09) මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තිය සමිති දෙදහසක් තීරණය
කර තිබේ.
සාමකාමී විරෝධතාකරුවන්ට ආණ්ඩුවේ පිරිස් එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහිව මෙම විරෝධතාවය
ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේය.

3.10
ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතාවට පහරදෙමින් ප්‍රචණ්ඩත්වයක් ඇති කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් යැයි කියාගන්නා මැරයන් බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා යොමුකළ ට්විටර් පණිවිඩයට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරයි.



3.00
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.
දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන්නන් හා සහභාගිවන්නන් විසින් සිදුකරන ප්‍රචණ්ඩක්‍රියා තරයේ හෙළාදකින බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ.
එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් වර්තමාන ගැටළු විසදෙන්නේ නැති බව  සදහන් කර ඇත.
සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

 2.35
දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය පනවා තිබේ.
 දිවයිනටම ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නිවේදනය මෙතැනින්