නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් Jacinda Ardern මේ දිනවල එක්සත් ජනපදයේ සංචාරයක නිරතවන අතර ඊයේ ටෙක්සාස්හි සිදුවූ බිහිසුණු වෙඩිප්‍රහාර මාලාව ගැන එරට දේශපාලනඥයන් සමඟ අදහස් දක්වමින් තුවක්කු ප්‍රතිසංස්කරණ අත්දැකීම් බෙදා ගත්තාය.


   "නවසීලන්තයටත් මෙවැනි බිහිසුණු අත්දැකීමක් තිබුනා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි වෙනස්කම් සිදු කළෙමු" යනුවෙන් ආර්ඩර්න් පැවසුවේ, 2019 වසරේ ක්‍රයිස්ට්චර්ච් හි සිදුවූ සමූහ ඝාතන මුස්ලිම් පල්ලියේ වෙඩි තැබීම් ගැන සඳහන් කරමිනි.
බදාදා ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී ඇය වැඩිදුරටත් කියා සිටියේ,
    "අපි අපේ සමාජය තුළ තුවක්කු භාවිතාවට ඉතා නීත්‍යානුකූල පදනමක් සකස් කරන්න උත්සාහ දරා තිබෙනවා... එම වෙනස්කම් සිදු කිරීමට ඒකමතිකව පුළුල් සහයෝගයක් ලබා ගැනීමට අපට හැකි වුණා"

අග්‍රාමාත්‍යවරිය මේ සතිය මුලදී එක්සත් ජනපදයට පැමිණියේ අපනයන වර්ධනයට සහ Covid-19 න් පසු සංචාරකයින් නැවත පැමිණීමට සහාය වීම සඳහා වෙළඳ මෙහෙයුමක් සඳහා ය. සාකච්ඡාවේදී ඇය කියා සිටියේ
කළ යුතු දේ අන් අයට පැවසීම ඇයට අවශ්‍ය නොවූ බවකි..

    "විවිධ පසුබිමකින් යුතු රටක අත්දැකීම් ඇති ජාතියක නායකයා ලෙස වෙනත් ජාතීන්ට ඔවුන් කළ යුතු හෝ නොකළ යුතු දේ පැවසීම මට අවශ්‍ය නොවේ.. නමුත් නවසීලන්තයේ අත්දැකීම් බෙදාහදා ගැනීම ඔබ විසින් ඉදිරියට ගන්නා පියවර සදහා වැදගත්කමක් ලබාදෙනු ඇත" ඇය පැවසුවාය.
අවසානයේ සිදුවීම ගැන හැඟීම්බර වූ ආර්ඩන් පැවසුවේ, "දේශපාලකයෙකු ලෙස නොව," "මවක ලෙස" ඇය සිදුවීම් දැක කම්පනයට පත්වූ බවයි. "සමාවෙන්න" වෙච්ච දේට.... ඇය අවසන්වරට කීවාය.
(සීඑන්එන් ඇසුරිනි - Gossiplankanews.com)