ඉරාකය තුළ CCHF (Crimean-Congo hemorrhagic) හෙවත් ක්රිමියානු-කොංගෝ රක්තපාත උණ ආසාදනය වූ පුද්ගලයන් 11දෙනෙකු අතරින් මරණ 19ක් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මෙම රෝගී තත්වය පොදුවේ නාසයෙන් රුධිරය ගැලීමේ උණ රෝගය ලෙස හැදින්වෙයි. සෑම වසරකදීම පාහේ ඉරාකයෙන් මෙම රෝගය වැලඳුණු මිනිසුන් මෙන්ම සතුන්ද හදුනාගනී.
එහෙත් මේ වසරේදී රෝගීන් වාර්තාවීම ඉහළ අගයක් ගන්නා බව සදහන් වෙයි. මෙම CCHF රෝග තත්වය සතුන්ගෙන් මිනිසුන් වෙත බෝවන වෛරසයක් හේතුවෙන් සිදුවන බවත් හඳුනාගෙන තිබේ. එහිදී වැඩි වශයෙන් ගවයන් තුළ මෙම රෝගය දැකගත හැකි අතර, එම සතුන්ගෙන් මිනිසුන්ට බෝවන බවත් පැවසෙයි.මේ දක්වා එම වෛරසයට එරෙහිව එක්නතක් සොයාගෙන නොමැති අතර, රෝගී තත්වය ඔඩුදිවීම හේතුවෙන් රෝගියා තුළ දරුණු බාහිර සහ අභ්‍යන්තර රුධිර ගැලීමක් සිදුවන බව පැවසෙයි. එහිදී විශේෂයෙන්ම නාසයෙන් රුධිරය ගැලීම දරුණුම අවස්ථාවක් ලෙස සැලකෙයි. වෛද්‍යවරුන්ට අනුව වෛරසය ආසාදනය වන රෝගීන්ගෙන් පහෙන් දෙකක්ම මරණයට පත්වන බව පැවසෙයි.
0 Comments