මුදල් ඇමතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන්නට සූදානම් වන සහන අයවැයෙන් රජයේ සේවකයන්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට තීරණය කර තිබෙයි.වැඩිවන ජීවන වියදමට මුහුණ දීමට රජයේ සේවකයන්ට ශක්තියක් දීම උදෙසා
මින් ඉහත පසුගිය ජනවාරියේ සිට රුපියල් 5000 දීමනාවක් රජය ලබාදුන්නත් මේ වනවිට ඉහළගොස් ඇති වියදම් සැලකීමේදී එය ප්‍රමාණවත් නොවන තත්වයට පත්ව තිබේ.
කෙසේ වෙතත් මෙවර ඉහළ දමන්නට යන්නේ කවර වැටුප් වර්ධකයක්ද යන්න තවම වාර්තා නොවන නමුත් සියලුම අංශ නියෝජනය වන පරිදි වැටුප් තල ඉහළ දමන්නට මුදල් ඇමතිවරයා යෝජනා කර තිබේ.
රටේ පවතින ආර්ථික අවපාතය නිසා වැටුප් වර්ධක ලබාදීමට සිදුව ඇත්තේ වැඩිපුර මුදල් අච්චු ගැසීමෙනි. මෙ හේතුවෙන් ලක්ෂ 15 ක් වූ රජයේ සේවකයන්ට වැටුප් වර්ධක ලබාදීම සමග නැවත රුපියල අවප්‍රමාණවීම වැළැක්විය නොහැකිය.
කෙසේ වෙතත් අයිඑම්එෆ් ඇතුළු මූල්‍ය ණය වැඩසටහන් යටතේ ඉදිරියේදී රජයේ සේවය විශාලවෙනස්කම් වලට ලක්වනු ඇති බවත් කාර්යක්ෂමතාව පදනම් කරගත් වැටුප් තල හඳන්වාදීම හා විශ්‍රාම වැටුප් මුළුමණින් අහෝසි කිරීම සිදුවනු ඇතිබවත් වාර්තාවේ.
0 Comments