chicken-egg-price-hike

වෙළදපොළේ බිත්තර, කුකුළුමස්, මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි පාරීභෝගිකයෝ පවසති. බිත්තරයක් රුපියල් 38 සිට 40 දක්වා මිලකට අලෙවි වන අතර, කුකුළු මස් කිලෝවක් රුපියල් 1150ත් 1200ත් අතර මිලකට අලෙවි වන බව ඔවුහු සඳහන් කරති.  

මේ අතර සුපිරි වෙළෙඳසල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 400ත් 480ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයෝ පෙන්වා දෙති. කුකුළු කෑම මිල ඉහළ යාම බිත්තර සහ කුකුළු මස් මිල විශාල වශයෙන් ඉහළ යාමට හේතුවී ඇතැයි නිෂ්පාදකයෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේ රුපියල් 65 ට තිබූ කුකුළු කෑම කින්ඩෝවක මිල මේ වනවිට රුපියල් 225 දක්වා තුන්ගුණයකටත් වඩා වැඩි ගණනකින් ඉහළ ගොස් ඇති බවයි.  ඒ අනුව බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 32ත් 35ත් අතර වන බවත් බිත්තරයක ප්‍රවාහන වියදම රුපියල් 3  ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.