මින් ඉහත රජය මගින් ප්‍රකාශයට පත් කළ පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා සම්පූර්ණ එන්නත් කිරීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (මැයි 1) සිට ක්‍රියාත්මක වන්නට නියමිතව තිබියදී එය ඊයේ අවලංගු කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා කීය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය ජනවාරි 25 වැනි දින එන්නත් නොකළ පුද්ගලයින්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම, වළක්වාලමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ නිසා තුන්වන මාත්‍රාව ලබාගැනීමේ කටයුතු කඩිනම් විය.
අංක 2264/09 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ 101 දරණ මෙම නියෝගයේ සඳහන් වන්නේ සම්පූර්ණ එන්නත් නොකළ පුද්ගලයින් පොදු ස්ථානවලට ඇතුළු නොවිය යුතු බවයි.
ශ්‍රී ලංකාවේ මේවනවිට කොරෝනා රෝගය බොහෝ දුරට පාලනය වී ඇති අතර ඊයේ රෝගීන් 11 ක් සහ මරණ 1 ක් පමණක් වාර්තා විය.
කෙසේ වෙතත් ලෝක තත්වය සැලකීමේදී ඉතාලිය,දකුණු කොරියාව,ප්‍රංශය ,ඕස්ට්‍රේලියාව හා ජපානයේ මේ දිනවල 25000 හා 40000 අතර රෝගීන් හමුවන බව වාර්තා කර තිබේ.
0 Comments