ආයුබෝවේවා! සමාවෙන්න ඕනේ මේ වගේ වෙලාවක මේ වගේ මොහොතක අසනීප තත්ත්වයකින් හරි කතා කරන්න සිද්ධ වෙන එක ගැන අතිශයින්ම කණගාටුයි. බොහොම නිහඬ සමකාමී අරගලයක් මේ ගෝඨාගෝගම ය.
අද දවස වෙනකොට ජොන්ස්ටන්ගෙ එහෙමත් නැත්නම් ප්‍රසන්න රණතුංගගෙන් එහෙම නැත්නම් මොරටුවෙ ලාල්ලගේ මේ මැරයෝ ගෙනල්ලා මැරයෝ පාවිච්චි කරලා මේ අහිංසක බොහොම සාමකාමී අරගලය විනාස කරලා සුන්නත්දූලි කරල දාන්න උත්සාහ කරන එක මහින්ද රාජපක්ෂ ඇතුළු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂ පරම්පරාව අතිශයින්ම කණගාටුයි. මානව හිතවාදී කියලා බොරුවට පෙන්නගෙන හිටියා.මෙච්චර දවසක් අපි ඔබතුමාලට නරක විදිහට ආමන්ත්‍රණය කළේ නෑ හැබැයි රටේ පුරවැසියෙක් හැටියට කලාකරුවෙක් හැටියට මේ වෙලාවේ ආමන්ත්‍රණය කරනවා. හොඳට මතක තියාගන්න ඔබ තව තවත් මේ රාජපක්ෂ තව තවත් මේ පරම්පරාව තව තවත් ජාත්‍යන්තරයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඔබලාගේ මේ ක්‍රියාකලාපය ඉතාමත් දූෂිතයි. ඔය මැරබලය හැමදාමත් පාවිච්චි කරා කියලා දන්නවා. ඔයා මැර බලය තමයි රට ඇතුලේ ඔබල නිකං සුදු පිරුවට ඇඳ ගත්ත උපාසකවරු හැටියට පෙන්නලා තිබුණේ. කණගාටුයි.
අද මයිනා ඕකම මිනිස්සුන්ව ගිනිතියලා එතන ඔක්කොම මාධ්‍යවේදීන්ට ගහලා විනාශ කරල දාල තියනවා. ඉතාමත් කණගාටුයි කරුණාකරලා මේක නවත්තන්න. මම කියනවා මේ රටේ හැම කෙනෙක්ටම එන්න ඉදිරිපත් වෙන්න මේ දූෂිත දේශපාලනය මේ මැර දේශපාලනය මෙතනින් ඉවර කරන්නට අවශ්‍යයි. අරගල භූමියෙ ඉන්න අපි තාම සාමකාමී. ඒ නිසා මේ අරගල භූමියේ ඉන්න කිසි කෙනෙක් තවමත් එක ගල් කැටයක්වත් අතින් අරගෙන නෑ. ඒ නිසා මම නීතියට කියනවා එන්න නීතිය පිළිසරණ නීතිය ආරක්ෂාව මේ වෙලාවේ මෙතන ඉන්න සාමකාමී අරගලය ඉන්න සියලු දෙනාටම අවශ්‍යයි. පාරේ යන මිනිස්සුන්ට ගහලා මූණ කට සමතලා කරලා දාන තත්ත්වයක් දැන් තියෙනවා. ඉතාමත් අවිනිතයි.
මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මහින්ද රාජපක්ෂ මේ රාජපක්ෂ පරම්පරාව මේ රට තුළ සිදු කරගෙන යන මේ දේශපාලනය මෙතනින් නවත්වන්න ඕනේ. කරුණාකරලා මේ මැරකම් මෙතනින් නවත්තන්න. මොකද හේතුව ඔබලාට ඉඩම් මට වෙන රටක්වත් නැති වෙයි මේ රට ඇතුළේ වැලලෙන්නට වෙයි.මෙ දූෂිත දේශපාලන එපා කිව්වේ ඒක නිසා තමයි. අවසානයේ ඔබලාට කරන්න තියෙන්නේ එකම උපක්‍රමය තමයි මේ මේ මිනිස්සුනන් ගහලා කපලා කොටලා ගිනිතියලා විනාශ කරන එක. දැන් හරි දැන් සතුටුයිද දැන් ඒක ආරම්භ කරලා තියෙනවා. ඕක තමයි මෙච්චර කාලයක් කිව්වේ මේ රටේ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න. ඔබලා එපා කියලා ප්‍රතික්ෂේප කරද්දි විස්සක් විතර කණ්ඩායමක් ඇවිල්ලා ඕන කියනකොට මේ පුටුව රැකගෙන ඉන්න තරම් තුප්පහි ද.
කරුණාකරලා මේක නවත්තන්න. මේ ආවේගයකින් නෙමේ මං කතා කරන්නේ මේ මං කතා කරන විදිහ. මම ආරාධනා කරනවා රට පුරාම ඉන්න හැම කෙනෙක්ටම පුලුවන්නම් කොන්ද කෙලින් තියාගෙන එන්න ගිනි තියපිය වූ මුළු රටම. ඒක තමයි වෙන්න ඕන. හැබැයි අපි එක ගල්කැටයක් අතට ගන්නෙ නෑ. තාමත් අපි නිදහස් සාමකාමී ජනතා අරගලයකයි ඉන්නේ. පුළුවන්නම් ඒක මර්දනය කරන්න උඹලගෙ තුප්පහි දේශපාලනය කවදාක්වත් මේ රටේ ජනතාවට මර්දනය කරන්න බෑ. මේ වෙලාවේ අපේ ජන බලය අවශ්‍යයි.
0 Comments