කොළඹ, කොටුව, බැස්ටියන් මාවතේදී ඊයේ (30දා උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් යුද හමුදාවේ හිටපු කොමාන්ඩෝ සෙබළෙක් මියගොස් තවත් හිටපු කොමාන්ඩෝ සෙබළෙක් තුවාල ලැබූහ. මෙම වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ බැස්ටියන් මාවත හා ඒ අවට විශාල පිරිසක් රැස්ව සිටීමද විශේෂත්වයකි. වෙඩි ප්‍රහාරයෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, අනුරාධපුර, මහඉලුප්පල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි ලක්ෂිත විරාජ් (අවු.30) නමැති යුදහමුදා හිටපු කොමාන්ඩෝ සෙබළෙක් වන අතර, තුවාල ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු යුදහමුදා කොමාන්ඩෝ සෙබළෙකි. මෙම හිටපු කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනා සහ තවත් හිටපු කොමාන්ඩෝ සෙබළෙක් ඊයේ (30දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුත්තකට පැමිණීමෙන් පසු නැවත යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටී.56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව මූලික පොලිස් පක්ෂණවලදී අනාවරණය වී තිබේ.
හිටපු කොමාන්ඩෝ සෙබළුන් තිස්දෙනා කොළඹ කුරුඳුවත්තේ පිහිටි පෞද්ගලික සුපිරි අවහලක සේවය කර තිබෙන අතර, මෙම ආයතනයට අනර්ථයක් සිදුකළ බවට කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහල් තල්ලුව මහතා සඳහන් කළේය. ඉන්පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, හිටපු සෙබළුන් කොළඹ පැමිණ ඇත්තේ අදාළ නඩු කටයුත්ත වෙනුවෙන් බවත් එම නඩු කටයුත්ත අවසන් වී නැවත නිවෙස් බලා යාමට සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු වූ බවත්, සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම දෙදෙනා සේවය කළ ආයතනයෙන් මාස තුනක පමණ වැටුප් ගෙවා නොමැති බවටද වාර්තා වන අතර, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය ලක්ෂිත විරාජ් නමැත්තාගේ වැඩිමල් සොයුරා වන සමීර දිනේෂ් මහතා පවසා සිටියේ. "මේ මිය ගිහින් ඉන්නේ මගේ බාලසහෝදරයා, එයා කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවක් කළා, ඒ රැකියාවේදී එයා ඇතුළු සේවකයෝ 04 - 05 දෙනෙකුට වැටුප් ගෙවලා තිබ්බේ නෑ. නැවත පඩි ගෙවන්න එන්න කියලා දැනුම් දීලා තිබ්බා.
එදා එතනදී ආරවුලක් වෙලා කුරුඳුවත්ත පොලීසිය නඩු පවරලා තිබ්බා,
මගේ සහෝදරයා ඇතුළු පිරිසකට අයුතු ලෙස. ඇතුළු වී අනර්ථයක් කළා කියලා. ඒ නිසා පුද්ගලික ආරවුලක් තිබුණා, ඒ සිද්ධිය නිසා සිදු වූ දෙයක් කියලා තමයි මම හිතන්නේ.එයා මීට පෙර යුද හමුදා කොමාන්ඩෝ සෙබළෙකු ලෙස සේවය කරලා නීත්‍යනුකූලව ඉවත්වෙලා හිටියේ. ඒ අතරතුර ගමේ වෙන ප්‍රශ්න තිබුණේ නෑ. ඔය සිදුවීම පමණයි තිබුණේ. අද (30දා උදේ 02.00ට පමණ තමයි නිවසින් ගියේ නඩු කටයුත්තට සහභාගි වෙන්න බස් රථයෙන්. නඩු කටයුත්ත ඉවර වෙලා එද්දී තමයි ඔය සිද්ධිය සිදු වෙන්නේ. තර්ජන ගර්ජන තියෙන බවක් නම් අපට දැනුම් දුන්නේ නෑ. කොළඹට යන්නේ නෑ, ඔය සේවා ආයතනයේ කටයුතුවලට තමා ගියේ. මේ ගමේ ප්‍රශ්න තිබුණත් නෑ. කොළඹ රැකියාවේ ගැටලුවෙන් පස්සේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් හිටියේ" යනුවෙනි.
(ඉන්දික හේවාවිතාරණ)
0 Comments