පසුගිය කාලයේ අලෙවියට තබා තිබුණ පෙට්‍රල් ඩීසල් ආදී ඉන්ධන 'කලවම්' ඒවා විය හැකි බවට හා වෙනදා පවතින ගුණාත්මක භාවය ගිලිහී ඇති බවට විවිධ අය මැසිවිලි නගා තිබුණි. නමුත් ඒ ගැන සොයා බලන්නට පවතින අස්ථාවර රජය

පියවරක් ගෙන තිබුනේ නැත.
භාවිතයට ගැනෙන ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ සැකයක් ඇත්නම්, ඒ පිළිබඳව ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම්දීමට නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 0115234234 හා 0115455130 යන දුරකතන අංක වෙත එවැනි සිදුවීම් පිළිබඳව දැනුම් දෙන ලෙසය.