මැයි දිනය වෙනුවෙන් සජබ සංවිධානය කළ රැළිය අතරතුර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන් වේදිකාවේ ඉදිරි පෙළ ආසන්නයේ බහින්බස්වීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවල මෙන්ම සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතී.
මෙම ගැටුමට හේතුවී ඇත්තේ මැයි දින වේදිකාවේ පරිපාලනය භාරව සිටි හරින් ප්‍රනාන්දු විසින් සරත් ෆොන්සේකාගේ කතාවක් සිදු කරන වේලාවේ අනුපිළිවෙල වෙනස් කරලීමය.
මෙයට නොකැමතිවූ ෆොන්සේකා මහතා හරින් වේදිකාවෙන් බසිද්දී ඒ ගැන කුණුහරුපයක් කියමින් විමසා ඇති බවත් එයට කුණුහරුපයකින්ම පිළිතුරු දීමට හරින් ක්‍රියා කර තිබීම නිසා එතැන බහින්බස්වීමක් මතුවූ බවත් තතුදත් ආරංචි වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාද මැදිහත්ව ඉතා සුළු සිද්ධියක් වූ මෙය සමථයට පත් කරන අතර හරින් ද එතැනින් නික්ම ගිය අයුරු දැකගන්නට ලැබිණි.
0 Comments