කෝප් කමිටුවේදී අනාවරණය වී ඇති රටම නොදන්නා IMF රහස පිළිබඳව හා රටේ ඇති වී තිබෙන වාර්තමාන ආර්ථීක ප්‍රශ්න වලට ගත යුතු ක්‍රියාමාර්ග ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙළි කළේය. ඒ පහත පරිදිය.
අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් ඇමැතිවරයා හැටියට පත් කරලා තියෙනවා. අපි එතුමාට සුබ පතනවා. එතුමාට විශාල කාර්යභාරය කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දිගින් දිගටම කිව්වා ආර්ථික ප්රශ්නය සහ දේශපාලන ප්රශ්නය එකට විසඳන්න ඕනේ කියලා. ඒකට අපි ලිඛිතව ඉදිරිපත් කළා ජනාධිපති මේ ක්‍රමවේදය දැන් තියන ක්‍රමවේදය අහෝසි කරලා අලුත් ක්‍රමවේදයක් ගේන්න ඕනි කියලා සහ ඒකත් සමගම ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන්. ඒකට අපිට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා අපිට මේ රජයට එකතු වෙන්න හැකියාවක් නැති බව අපි සෘජුවම ඔවුන්ට ප්‍රකාශ කළා. හැබැයි අලුත් තත්වය යටතේ අපි කාටත් වගකීමක් තියෙනවා මේ රට බේරගන්න.
මේ රටේ ජනතාව ඉතාමත්ම අමාරු තැනකට වැටිලා ඉන්නේ.අපි දන්නවා අගෝස්තු මාසය වෙනකොට ආහාර අර්බුදයක් එනවා. අගමැතිතුමාත් කියලා තියෙනවා ඒ සම්බන්ධයෙන් මොකද්ද කරන්නේ කියන එක හොයන්න කියලා. මොකක්ද කමිටුවකුත් පත් කරලා කියලා ආරංචි. හාල් නැති කතාවකුත් කිව්වා.ආනයනය කරන්න ඩොලරුත් නෑ කියලා කිව්වා, ඊට පස්සේ රොයිටර්ස්ලාට කියලා තියෙනවා රුපියලුත් නැහැ කියලා.රුපියල් ට්‍රිලියනයක් අච්චු ගහන්න වෙනවා කියලා තියෙනවා. එතුමාම කියනවා උද්ධමනය සියයට 40ට යයි කියලා, හැබැයි දැනටමත් උද්ධමනය සියයට 45යි ආහාර. එ කියන්නේ උද්ධමනය 45 ඉඳලා 40 ට අඩු වෙනවාට වඩා ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වෙයි කියන එක තමයි මම හිතන්නේ ඔහු කියන්න උත්සාහ කරන්නේ.මේක එතකොට ගැටළුකාරි තත්වයක්. අපි සියලු දෙනාම දැන් වගකීමෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ඉඳලා රජයට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය පාර්ලිමේන්තුව හරහා එ අවශ්‍ය ධනාත්මක ප්‍රතිචාර දක්වන්න බලාපොරොත්තු වෙනවා රට වෙනුවෙන්.
එකට අපි යෝජනා ඉදිරිපත් කරලා තියනවා පාර්ලිමේන්තු කමිටු හරහා කරන්න පුළුවන් කියලා අපි කියලා තියෙනවා.අපි බලාපොරොත්තු වෙනවා රජය අගමැතිවරයා අපේ ඉදිරිපත් කරල තියෙන යෝජනා සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වයි කියලා. ඔවුන්ට ඇත්ත වශයෙන්ම යම් කිසි සහයෝගයක් ලබා දෙන්න ඕන නම් ඒ අවස්ථාව තියෙනවා එයා අවස්ථාව ඔවුන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.ඒ නිසා අපි දන්නවා මේ කාරණාවට එරන් ඇමතිතුමා කිව්වා වගේ කෙටි කාලීන විසඳුම පෙට්‍රල් පෝලිම් අඩු කරන්න ,ගෑස් පොලී අඩු කරන්න අවශ්‍යයි වගේම මධ්‍යකාලීන දීර්ඝ කාලීන විසඳුම් ගන්න වෙනවා. හැබැයි එහෙම කරන්න නම් සියලුදෙනා මෙතනට එකතු වෙනවා.තව කොච්චර කල් මේ ක්‍රමයට යන්න පුළුවන් වෙයිද කියලා මට කියන්න බැහැ.. පුරෝකථනයක් දෙන්න බැහැ.නමුත් එකතුවීමකින් හැර මම නම් දකින්නේ නැහැ තිරසාර විසඳුමක් මේකට ගන්න පුළුවන් කියලා.අපේ වැඩපිළිවෙළ අපි නිර්මාණය කළේ අපේ රජයක් හරහා ක්‍රියාත්මක කරන්නයි. මොකද ඒක අපේ වැඩපිළිවෙළක්.
හැබැයි ඒකෙන් කිසි විදියකටවත් අපි කියන්නේ නැහැ ඒ වැඩපිළිවෙළ තියෙන කාරණා මේ රජය ක්‍රියාත්මක කරනවා නම් අපිට කකුලෙන් අදින්න කිසිම උවමනාවක් නැහැ.. අපි දිගින් දිගටම කිව්වේ මේ රට ලෝකයට එකතු කරන්න අවශ්‍යයි. ඒක තමයි දිගින් දිගටම කිව්වේ. අපි කිව්වා මේ රට වටේම තියන තාප කඩන්න ඕනෙ. මේ රටෙන් අපේ කලාපයටත් ,ලෝකයටත් පාලම් බඳින්න ඕනේ. දැන් සියලු දෙනා තේරුම් අරගෙන තියෙනවා ඒක තමයි කළ යුත්තේ කියලා. ඒක කරන්න සූදානම් වෙනවා නම් අපිට ඒකට කකුලෙන් අදින්න හැකියාවක් නැහැ. ඒක තමයි අපේ යෝජනාවකුත් වුණේ. උදාහරණයක් විදියට මුදල් කාරක සභාව පිළිබඳ අපි යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපි සියලු දේශපාලන පක්ෂවල එකඟතාව ලබා ගන්න වෙනවා.අපි එක ක්‍රියාත්මක කරනවා නම් කුහක වෙන්නේ නැහැ. එව්ව අපිට ප්‍රශ්නයක් නෑ.කරන්න ඕනේ නම් අපි පාර්ලිමේන්තුවේ අපේ සම්පුර්ණ සහයෝගය ලබා දෙන්න ලෑස්තියි. එක පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියන එක රජය තීරණය කරන්න.
දැනට සමගි ජන බලවේගය ආණ්ඩුවත් එක්ක එකතු වීමක් නෑනේ.අපි කිව්වේ හර්ෂ ද සිල්වා මන්ත්රීතුමාත් කියන්නේ අපි රටේ ජනතා මතය වගේම ප්‍රධාන දේශපාලන බලවේග අතර තියන මතේ තියෙන්නෙ මේ රටේ යම් යම් වෙනස් කිරිම් සිදුවිය යුතුයි කියන එක. ඒවට අපි ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා අපට සමගි ජන ජනබලවේගයේ අගමැතිවරයෙක් හෝ රට බාරගන්න පුළුවන් අපි ඉදිරිපත් කරන මේ කොන්දේසිවලට යටත් ද ,හැබැයි ජනාධිපතිතුමා ඒකට ලිඛිතව දැනුවත් කළා ඒ කොන්දේසි වලට යටත් වෙන්න බැහැයි කියලා.ඒ කොන්දේසි අපට පාවා දෙන්න බැහැ. මොකද අපි ඒවා විශ්වාස කරනවා.රටේ තිරසාර වෙනසක් ඇති කරන්න නම් ඒ ටික ඇතුලත් වෙන්න ඕනේ කියලා. හැබැයි අපි විරුද්ධයි අනිකුත් දේශපාලන බලවේගත් එක එක්ක සාකච්ඡා කරලා පොදු තැනකට එන්න.අපි මස් රාත්තලම ඉල්ලන්නේ නැහැ. එක එක පක්ෂ වල එක එක බලවේග වල විවිධ මත තියෙනවා.
ඒවා හොඳ තැනකට ගේන්න අපි සූදානම්. ඒ නිසා තමයි අපි කියන්නේ ස්වර්ග පාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ඒවා පදනම් කරල සාකච්ඡාවක් පටන් ගන්න. ආණ්ඩුව තනියෙන් ගිහිල්ලා මොකක් හරි සංශෝධනයක් කැබිනට් එකට ඉදිරිපත් කරා කියන එක විසඳුමක් නැහැ. ඔක්කොමලාට ආරාධනා කරලා කතා කරලා එක පොදු වැඩපිළිවෙලකට යන්න තිබ්බා. එහෙම තමයි ජාතික ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. හැබැයි ඒක නැතුව අපට එකට සම්බන්ධ වෙන්න බැහැ සහ ආර්ථික වැඩපිළිවෙළ වුණත් එකඟතාවයකට එන්න මොකක්ද ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙළ සැලැස්ම මොකක්ද IMF එකට යනව කියල කිව්වට මොකක් එක්ක ද යන්නේ. අපි දැනගන්න ඕන මොකද්ද ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙළ මොකද්ද කියලා.. එක සාකච්ඡා කරලානේ යන්න ඕනේ.. ඒව තාම දැනුවත් වෙලා නැහැ. ඒ නිසා එතන තමයි මේක එක තැනකට හැදෙන්න පුළුවන්. එනිසා අද අපි කියන්නේ ඒත් අපි විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවට පූර්ණ සහාය දෙනවා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට IMF එකට යන්න. මොකද රටේ ප්‍රශ්න විසඳන්න.
ඇත්ත වශයෙන්ම මම යමක් ඒකට එකතු කළොත් දැන් මේ ඊයේ පෙරේදා වෙනකන් අපේ මතයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ මතයක තමයි මේ පොහොට්ටුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් හිටියේ.
අපි මේ රට ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්න ඕනි කිවුවහම ඒගොල්ලොන්ට ඕනෙ නැහැ කිව්වා අපි මේ රට විවෘත කරන්න ඕනේ කිවුවහම ඒවා එපා කිව්වා. අපි ලෝකයත් එක්ක වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න ඕන කිවුවහම ඒවට විරුද්ධව කතා කළා. තෙල් සූත්‍රය ගේන්න ඕන කිව්වහම ඒකට විවේචනය කළා.එතකොට දැන් මෙතැන වෙනස් වෙලා තියෙන්නේ අගමැතිවරයා විතරයි. මොකද අගමැතිවරයාගේ මතය වෙලා තිබුණෙත් අපේ එක්සත් ජාතික පක්ෂයේ අපේ මව් පක්ෂයේ මතය වෙලා තිබුනේත් මේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන එක.එතකොට එක්සත් ජාතික පක්ෂයයි ,
සමගි ජන බලවේගය යි අපේ ආර්ථික දැක්මේ තිබිච්ච ප්‍රධාන වෙනස තමයි අපි ඉදිරිපත් කළේ සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමවේදයක් හදන එක. එතන අපේ සමාජය සමාජ සාධාරණය සාධාරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයටත් වඩා වැඩි අවධානයක් යොමු කළා.අපි economic liberation political ලිබරේෂන් කියන දෙකම එකතු කරලා තමයි එතනට ගෙනාවෙ. මේක දේශපාලන ආර්ථික මතයක් තමයි අපි ඉදිරිපත් කලේ. අපිට බලන්න වෙන්නේ අවසානයේ දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ යෝජිත ප්‍රතිසංස්කරණ වලට ඔවුන් අර මතවාදී කණ්ඩායම ඒ මතවාදයෙන් අයින් වෙලා මෙතනට එනවද නැද්ද කියලා. මොකද එරන් මන්ත්‍රිතුමා ඉතාමත්ම පැහැදිලිව කිව්ව වගේ මේ ඩීසල් පෝලිම අඩු කරන එක නෙමෙයි මෙතන අවශ්‍ය වෙන්නේ. ඩීසල් පෝලිම අඩු කරන්න ඕනේ හැබැයි ඒ ඩීසල් පෝලිම නැවත නොපැමිණෙන තැනට ගේන්න තමයි මේ ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන්නේ. එතැනට යන්න මොවුන්ට හැකියාවක් තියෙනවද කියලා බලන්න ඕනි.
දැන් බලන්න බන්දුල ඇමතිතුමා මාත් එක්ක ඕනතරම් තර්ක කරල ඇති මේ රුපියල දෙසීයට තියාගන්න ඕන කියලා.අපි එක කිව්වම නෑ ඒක එහෙම නෙමෙයි කියලා. නෑ ඒක එහෙම තමයි කියලා තර්ක කලා. දැන් එතකොට කොහොමද එකපාර මොවුන්ගේ තීරණ වෙනස් වෙන්නේ.දේශපාලන වශයෙන් අපි දන්නවා හිටපු ගමන් මෙතන ඉන්නවා ඊළඟ දවසේ අතන.ප්‍රතිපත්ති ඔක්කොම පාවා දෙනවා. හැබැයි ඔවුන්ගේ කඳවුරේ තිබුණෙම මේ රජය විසින් මේ සියලු දේ කරන්න ඕනේ. ආනයන ආදේශන කරන්න ඕනේ. ඒ කියන්නේ විශාල විශාල බදු ආනයන බදු දාලා මේක යම් කිසි ගජමිතුරු කල්ලි හරහා ඔවුන්ට නොයෙකුත් ලයිසන් දීලා ඔවුන් හරහා නිෂ්පාදනය කරන්න .දැන් කොහොමද මේගොල්ල වෙනස් වෙන්නේ.ඒක අභියෝගයක්.අවසානයේ දී රජයට මේවා සම්මත කරගන්න බොහෝ වෙලාවට මේ විපක්ෂයේ සහාය නැතුව කරගන්න බැරි වෙයි කියන එක තමයි මම නම් හිතන්නේ.
කිසිම කමිටුවකට යන්නෙත් නෑ සහය දෙන්නෙත් නෑ කියන එක මම හිතන්නේ කොහෙවත් ඒ විදියට කියලා තියෙනවා කියලා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රිතුමා ,මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා අපේ හිතවත් කට්ටිය.හරීන් ප්‍රනාන්දු, එරානුයි මමයි අපි එකට පාර්ලිමේන්තුවේ ආපු කට්ටිය. අපි හය දෙනෙක්ගේ කණ්ඩායමක් තමයි දිගින් දිගටම හිටියේ .මම ඒ ගැන වගේ කතා කරන්න කැමති නෑ. මටත් කණගාටුයි. අපි දිගින් දිගටම කිව්වේ ජනාධිපතිවරයාගෙන් නිශ්චිත කාල කාලරාමුවක් ගමු. හෙට යන්න කියන්නේ නැහැ අපි තුන්දෙනාම ජනාධිපතිතුමා එක්ක පැය දෙකකුත් විනාඩි 15 කුත් සාකච්ඡා කළා. නම වෙනිදා තමයි කලකෝලහල වුණේ. ඊට පස්සෙ දවසෙ රෑ අට ඉඳන් රෑ 10:00 ඉඳන් රෑ 10 :15 කාල වෙනකන් ජනාධිපතිතුමයි අපි හතර දෙනයි තව හිටියේ නාලක ගොඩහේවා ඇමතිතුමායි ,රමේෂ් පතිරණ ඇමතිතුමායි අපි කට්ටිය හිටියේ.
කවුරුහරි කියනවා නම් අපි පස්සේ වෙලා ලිවුමක් ඇරියා එහෙම නෙමෙයි මේක අපි පුද්ගලිකවම සාකච්ඡා කළා. එතන හිටපු හත්දෙනා සාක්ෂි.එක තැනක ද තැනක ද ජනාධිපතිතුමා කිව්වා ඕගොල්ලෝ මට හෙට යන්නේ කියලා කිව්වොත් ඒක අසාධාරණයිනේ.අපි කිව්ව ජනාධිපතිතුමා කිසිසේත්ම එහෙම කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. අපි කියන්නේ යම්කිසි කාල රාමුවක් ගැන කතා කරමු. ඔහුට ඇත්ත වශයෙන්ම ඕනකමක් තිබ්බනම් තිබ්බනම් තාමත් තියෙනවා නම් ජනතාව මේ ඉල්ලීම පිළිබඳව සවන් දෙනවා කියලා ඉගියක් හරි දෙන්න ඔහුට යම්කිසි මාස ප්‍රමාණයක් යන්න පුළුවන්.ඔබතුමාට මේක කරගෙන යන්න අමාරු වෙනවා. මොකද කලින් කිව්වා වගේ මේ කරන්න තියෙන ප්‍රතිසංස්කරණ දැවැන්තයි. දේශපාලන ප්රතිසංස්කරණත් දැවැන්තයි, ආර්ථික ප්රතිසංස්කරණයත් දැවැන්තයි.ඒක පැලැස්තර වලින් විසඳන්න බැහැ.
අගමැතිතුමා කියනවා මට මාස හයක් දෙන්න මම රටේ ආර්ථිකය ගොඩනඟලා පෙන්නන්නම් කියලා.ඔබතුමා හිතනවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හරි ලෝක බැංකුවෙන් හරි කොහෙන් හරි ආධාර ලැබෙයි කියලා?
අද මොකක්ද දැන් ලෝක බැංකුව කියලා තියෙන්නේ. ලෝක බැංකු ප්රවෘත්ති නිවේනයක් නිකුත් කරලා තියනවා මේ මාධ්‍ය පලවෙච්ච කතා අසත්‍යයයි කියලා. ඔවුන් කියනවා එකම විදිහකට ඔවුන්ට අලුත් මුදල් ලංකාවට ලබා දෙන්න බැහැ නිශ්චිත සර්වාර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් සම්මත වුණේ නැත්නම් කියලා.ඉස්සෙල්ලා එරන් ඇමැතිතුමා කිව්වා වගේ මොකක්ද කියන එක ඉදිරිපත් කරන්න ඕනේ. අපි දන්නේ නැහැනේ.ඊට පස්සේ එක සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟට යම් කිසි සම්මුතියකට එන්න ඕනේ.ඊළඟට පාර්ලිමේන්තුවේ මේවා සම්මත කරගන්න ඕනේ ,ඒවා ඊට පස්සේ IMF එකත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ.ඊට සමාන්තරව ණයහිමියන් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මේක මේ මාස හයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
අගමැතිවරයා ප්‍රකාශයක් කරලා තියනවා තවත් මුදල් රුපියල් ට්‍රිලියනයක් අච්චු ගහනවා කියන කාරණය.මේක කොයි විදියටද බලපාන්නේ ?මේ මුදල් අච්චු ගැසීම සුදුසුද?
ඒක තමයි කියන්නේ අගමැතිතුමා දන්නවා ඒක හොඳටම මුදල් ට්‍රිලියනයක් අච්චු ගැහුවොත් රුපියල් මොකද්ද වෙන්නේ කියලා. රුපියලේ අගයට දේශීයව මොකක්ද වෙන්නේ. බඩුමිල රුපියලේ අගයට විදේශීය මොකක්ද වෙන්නෙ ඒ කියන්නේ විනමය අනුපාතය මේ දෙකට දැඩිව බලපානවා රුපියල් අච්චු ගැහුවොත්.ඉතිං ඒ නිසා ඔහු දන්නවා එතකොට හැබැයි මොනවද තියෙන විකල්ප? කොච්චර අඩු කරන්න පුලුවන්ද වියදම.කොච්චර ආදායම වැඩි කරගන්න පුලුවන්ද.දැන් අද කෝප් කමිටුවේ දී යම්කිසි කාරණා වගයක් එළි වුනා. අද මාධ්‍ය දවල් වෙනකොට යාවි. එනිසා අපි කිව්වට කමක් නැහැ. ඒ තමයි 2020 මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියලා ආර්ය RFI එකක් ඒ කියන්නේ Rapid Financing Instrument එකක් ගන්න බොහෝ දෙනා කිව්වා.එතකොට රජය කිව්වා නෑ නෑ ඒක එහෙම අවශ්‍යතාවයක් නැහැ අපිට මේවා ඕනෙ නැහැ අපිට පුළුවන් කරගෙන යන්න අපිට මුදල් තියෙනවා කියලා කිව්වා. හැබැයි අද අපිට ආරංචි වුණා ඇත්ත වශයෙන්ම රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරලා තියනවා මේක ගන්න. ඒගොල්ලො කියලා තියෙනවා ඔබලාගෙන් තිරසාර නෑ කියලා. ඒ නිසා තමයි අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එදා සහන ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම අපිව නොමඟ ඇරලා ඇරලා තියෙනවා.
මුළු පාරලිමේන්තුව මුළු රටම මේගොල්ලෝ නොමඟ යවලා තියෙනවා.ඊට පස්සේ 2020 ඉඳලා 20 මුල හරි ඉඳලා සියලුම ඉහළ නිලධාරීන් එවකට හිටපු අධිපති සහ මුදල් මණ්ඩලයට කියලා තියෙනවා ජාත්‍යන්තර අරමුදලට යන්න කියලා. ඒ කියලා තියෙන්නේ 2020 මැද හරිය. එතකොට කියලා තියනවා ජාත්‍යන්තර අරමුදලට යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ , අපි ණය ප්‍රතිව්‍යුහගත කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා.ඒ සියලු යෝජනා ඔවුන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.එතකොට රුපියල් බිලියන හයසියක බදු කපා හැරීම නිසා විශාල අර්බුදයකට යන බව මොවුන් සඳහන් කළ තියෙනවා. හැබැයි ඒවා සියලු දේවල් ඔය දේශපාලන අධිකාරිය සහ දේශපාලනිකව පත් කරලා තිබිච්ච මහ බැංකු අධිපතිවරු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා තමයි අද මේ තත්ත්වයට වැටිල තියෙන්නෙ.මේ ව්‍යසනයට ඇත්ත වශයෙන්ම වශයෙන් වගකිව යුතු පුද්ගලයෝ තමයි මේ දේශපාලන අධිකාරියේ එදා හිටපු දේශපාලන අධිකාරිය සහ ඔවුන් විසින් පත්කරන ලද දේශපාලන හෙංචයියෝමේ ප්‍රධාන ආයතන වල ප්‍රධානියෝ හැටියට.
ණය ප්‍රතිව්‍යහුගත කිරීම සඳහා ආයතන දෙකකට දීලා තියනවා කිව්වා විශාල විදේශ මුදල් ප්‍රමාණයකුත් ගෙවන්න තියනවා. එහෙම කරන්න ඕනද එගොල්ලෝ?
මම නම් එමෙහ විශ්වාස කරන්නේ නැහැ. මොකද ඩෝලර් මිලියන 5.6ක වාගේ ගෙවීමක් කරලා තියෙන්නේ. එක දීලා තියෙන්නේ ලාසාස් කියන Financial Advisor.එගොල්ලෝ තමයි මම හිතන්නේ සැමිබියාවල එකත් මේ දවස් වල කරන්නේ. ඊට කලින් ආජනේටිනා එහෙම කරලා තියනවා. ඔවුන්ගේ History එක අරගෙන බැලුවොත් සමහර තැන් වල ඔවුන්ගේ strategy එක නිසා ඔවුන් ඉදිරිපත් වුන රජයට අගතිය සිද්ධ වෙලා තියනවා.හැබැයි සමහර අවස්ථාවලදී ඔවුන්ට පුළුවන් වෙලා තියනවා ඔවුන් ඉදිරිපත් වුන රජය වෙනුවෙන් ධනාත්මක තැනකට එන්න. සැම්බියාවේ තිබුණ ලොකුම ප්රශ්නය තමයි එගොල්ලන්ගේ ?ණය වලින් 40%ක්ම තිබුණේ චීනේට. චීනේත් සමඟඑයාලාට අවුරුදු 2ක් ගැටළුව නිරාකරණය කරගන්න බැරි වුනා.
0 Comments