harsha-de-silva-speaks

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නාවල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමේ රැඳී සිටින අතරතුර ෆේස්බුක් සජීවී වීඩියෝවක් පළ කර තිබේ.
බොහෝ මන්ත්‍රීවරුන්ට වෙනත් ප්‍රමුඛතා මාර්ග හරහා තම වාහන සඳහා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දී, හර්ෂ ද සිල්වා මුල සිටම යළිත් අවධාරණය කරන්නේ තමාගේ වාහනයට ඉන්ධන ලබා ගැනීමට
නාවල පාරේ විවෘත සරසවිය අසළ ඉන්ධන පිරවුම්හල් පෝලිමේ සිටින බවයි.


 පෙට්‍රල් 95 තිබෙන බවත්, වාහන 50ක් පමණ පෝලිමේ තිබූ නිසා පිරීමට කැමති අයට එහි එන ලෙසත් ඔහු දන්වා සිටියේය. කෙසේ වෙතත් වීඩියෝවෙන් පසු ඔහු දන්වා සිටියේ තවත් වාහන 5 කින් පමණ පසු ඉන්ධන ඉවරවන බව පිරවුම්හලින් දන්වා සිටි බවයි.

කෙටි වීඩියෝවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ දීර්ඝ කාලීනව ඉන්ධන සහ පොහොර ලබාගැනීමට අවශ්‍ය මුදල් රජය ලබාගන්නේ කෙසේද යන්නයි.
ලංකාවේ උද්ඝෝෂකයින්, අයිඑම්එෆ් ප්‍රධානි ඇතුළු සියලු දෙනා, දැනට ලෝකයම ගෝඨාභය රාජපක්ෂගේ අසමත්කම ගැන පවසා ඇති නමුත් ඒ විදිහටම රට කරගෙන යන බවත් බලය රැකීම මිස වෙනත් උවමනාවක් රජයට නැති බවත් පෙන්වා දෙන ඔහු නියෝජ්‍ය ඇමතිකම් ලබාදී 21 වන සංශෝධනය අසමත්කරවීමට මේ වනවිට ක්‍රමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් කීය.
ආර්ථික අර්බුදයේ වගකීම භාර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බවත්, එවිට සියලු පාර්ශ්ව එකට එකතු වී ජනතාව අපේක්ෂා කරන වෙනස ඉටු කිරීමට කටයුතු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
"මම දන්නේ නැහැ, මට දැන් හොඳටම එපා වෙලා. නමුත් අපි උත්සාහ කරමු, අපට වෙන කරන්න දෙයක් නැහැ, ”ඔහු පැවසීය. Video Below