
බත්තරමුල්ල දියත උයන පොල්දූව මංසන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ සිට රැඳී සිටිමින් හොරුගෝගම නමින් ස්ථානයක් ස්තාපිත කරමින් සිටි විරෝධතාකරුවන් එතැනින් මුළුමනින් එළවා දැමීමට පොලිසිය තීන්දු කර ඇතිසෙයක් පෙන්නුම් කළ අතර අද සවස 2.30 ට පමණ පොලීසිය ඔවුන් වෙත කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කඳුළු ගෑස් ප්‍රහාරය නිසා පිරිස සීසීකඩ විසිර ගිය අතර අට්ටාලකැඩී බිඳී විනාශ විය. ජල පහරට යට ඇඳුම් විශාල ප්‍රමාණයක්ද තැන තැන විසිරගොස් තිබේ.
ඒ අනුව හොරු ගෝගම පොලිසිය මගින් තාවකාලිකව අක්‍රීය කර තිබේ. පිරිස සටන අත්හැර නැති අතර යලිත් ඒ වෙත පැමිණෙමින් සිටී.
ඡායාරූප හා වීඩියෝ පහතින්





Comments
Post a Comment
Your comment will be visible after approval