iran-military-base

ඉරානය සිය යුද හමුදා ඩ්‍රෝන යානා නවත්වා ඇති භූගත කඳවුරක ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධියට පත් කරන්නට පසුගියදා කටයුතු යොදා  තිබේ. මෙහිදී ඉරානය එම කඳවුර පිහිටි ස්ථානය කොතනද යන්න අනාවරණය කර නැත.  කෙසේ වෙතත් මෙම ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගින්ම ගල්ෆ් කලාපය තුළ යම් කැලඹිලි තත්වයක් මතුව ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි.  ඉරාන රජයේ මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම භූගත කඳවුර තුළ ආසන්න වශයෙන් ඩ්‍රෝන යානා 100ක් පමණ රදවා තිබේ.

ඉරානයේ සරොස්කඳුවැටියේ මෙම කඳවුර පිහිටා ඇති බවත්, බටහිර ඉරානයේ පිහිටි කර්මත් නුවර සිටි විනාඩි 45ක හෙලිකොප්ටර් යානා ගමනකින් අනතුරුව මෙම රහසිගත භූගත ඩ්‍රෝන යානාව කඳවුර වෙත පැමිණි බවත් එම මාධ්‍ය ආයතනයේ  වාර්තාකරු පවසා තිබේ. උමගක් ආකාරයෙන් ඉදි කර ඇති මෙම කඳවුරේ පිහිටි ඩ්‍රෝන යානා සියල්ලකම මිසයිල සවිකර ඇති ආකාරයද මෙම ඡායාරූපවල  සටහන්ව ඇත. මෙම ඩ්‍රෝන යානා අතර Ababil-5 ඇතුළු ඉරානයේ නිපදවූ නවීනතම මාදිලියේ ඩ්‍රෝන යානා සහ මීයිල රැසක් වන බවත් සඳහන් වෙයි.