kanchana-speaks

මාර්තු මස 20 වනදා වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (28දා) නැවත විවෘත කරන බවත් විවෘත කර දින හයක් ඇතුළත ඉන්ධන නිපදවීම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි. 


බොර තෙල් නෞකාවකින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත තෙල් ගොඩ බෑමේ කටයුතු සිදු වෙමින් පවතින බව දඔහු දන්වා ඇත.
අද (27) උදෑසන වන විට මෙරට සතු වන ඉන්ධන සංචිත ප්‍රමාණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හෙළි කර තිබේ. ඔහුගේ ට්විටර් පණිවිඩය අනුව
 ඩීසල් මෙට්‍රික් ටොන් 20 598ක්, සුපිරි ඩීසල් – 1 778ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 42,750ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,579ක් සහ ජෙට් ඒ.1 වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 3 104ක් මෙරට සතු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ අතර ඊයේ පැවති රැස්වීමකදී සියලුම පුද්ගලික බංකර් ඉන්ධන ක්‍රියාකරුවන්ට (
Private Bunker Fuel Operators) ඔවුන්ගේ ජනක යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත සඳහා අවශ්‍ය ඩීසල් සහ ඉන්ධන තෙල් ආනයනය කිරීමට සහ සැපයීමට අනුමැතිය ලබා දෙන ලදී. මෙමගින් CPC සහ ඉන්ධන පිරවුම්හල් තොග වශයෙන් සපයනු ලබන බර ලිහිල් වනු ඇතැයි ඔහු දන්වා ඇත.