kokila-pawan-speaks

අරගලයට සහභාගි වූ රංගන ශිල්පි කෝකිල පවන් ජයසූරිය වත්මන් ආණ්ඩුව හා රටේ ඇති අර්බුදය ගැන තම අදහස් මෙසේ දක්වා තිබුණි.

''ඕනම පොඩි ළමයෙක්ට තේරෙනවා දෙයක් කරන්න එපා කිව්වම කරන්න එපා.දෙතුන් පාරක් කිව්වට පස්සේ තේරෙනවා.එක පාරක් තේරෙන්නේ නැති උනාම දෙවෙනි පාර කිව්වම තුන්වෙනි පාර කිව්වම හතරවෙනිපාර කිව්වම ඒ අයට තේරෙනවා.

දැන් මේ දවස් ගානක් තිස්සේ සති ගානක් තිස්සේ මහවැසි මෙතැනට මිනිස්සු ඇවිත් කෑ ගහලා කෑගහලා කියන්නේ ඒ අයට යන්න කියලා ඇයි ඒ අයට ඒක තේරෙන්නේ නැත්තෙ.මෙච්චර රට අගාදයකට දැම්මට පස්සෙ ඒ අයට මේක තේරෙන්නේ නැත්තම් අපි කොතැනින්ද මේක නතර කරන්නේ.අපි බල කරලා කියනවා  ඕගොල්ලන්ට යන්න කියලා.පැහැදිලිවම කියන්නේ රාජපක්ෂ පවුල ඇතුළු සියලුම පාලකයන්ට ඒ වගේම තමයි මේ තාක් කාලයක් රට පාලනය කරපු සියලුම දෙනා මේකට වගකියන්න ඕන.කරුණාකරලා යන්න අපි කරගන්නම් මේක.පුළුවන් පාලකයෙක් පත් කරලා අපි මේක කරගන්නම් එක පාර මේ රට හදන්න බෑ නමුත් පුළුවන් විදිහට කරගන්නම් හැබැයි ඕගොල්ලෝ යන්න.හැබැයි මේකට වගකියන්න....''