11.30am update
කුලියාපිටිය කනදුල්ල ඊයේ සන්ධ්‍යා කාලයේ සිදුවූ රිය අනතුර සිදු කර ඇත්තේ රක්ෂණ සමාගමක කළමනාකරුවෙකු බව වාර්තාවේ. අනතුර සිදුවන අවස්ථාවේ ඔහුගේ 14 හැවිරිදි පුතු රිය පදවන බවට මුලින් වාර්තා පළවී තිබුනද පසුව ප්‍රකට කළ වීඩියෝ සාක්ෂි අනුව එය පදවා ඇත්තේ කළමනාකරු විසින්ම බව
අනතුර සිදුවන අයුරුද ඔහුගේ වීඩියෝවේ පටිගතවී ඇති අතර රථයේ සිටි කළමනාකරුගේ බිරිය අනතුරත් සමග විලාප නගයි.
කුලියාපිටිය කනදුල්ල මහ විද්‍යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් 38 වියැති තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.ඩිෆෙන්ඩර් රථය ස්කූටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.9 am update
අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩරය පදවාගෙන තිදෙනෙකු ගමන් කරමින් සිට තිබේ.
නොසැලකිලිමත් ලෙස ඩිෆෙන්ඩරය පදවා සිදු කළ අනතුරින් ස්කූටරය පදවාගෙන ආ තරුණයා එතැනම ජීවිතක්ෂයට පත්වූ අතර
අනතුර සිදුවූ එම මොහොතේ රැස්වූ ප්‍රදේශවාසීන් ඇතිවූ කෝපය මත ඩිෆෙන්ඩරයට ගිනි තබා විනාශ කර තිබේ.
එම අවස්ථාව වන විට පොලිස් නිලධාරීන් පැමිණ සිටියද ඔවුන්ට එය වැළැක්වීමට නොහැකි විය.
ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ ඩිෆෙන්ඩරය පදවාගෙන ආවේ බාලවයස්කාර දරුවා බවයි. ඔහු ඇතුළු දෙන්නා අනතුර සිදුකර එතැනින් පළාගිය බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබූ අතර අද (2) උදෑසන වාර්තා වූයේ රිය අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථය පැදවු දරුවා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර 14 හැවිරිදි දරුවාද සිටින බවය. කෙසේ වෙතත් රථය පැදවූයේ 14 දරුවා බව පොලිසිය සනාථ කර නැත.
0 Comments