කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ සන්ධ්‍යා කාලයේ සිදුවූ ඩිෆෙන්ඩර් - ස්කූටර් අනතුර නිසා ස්කූටරයේ ගමන් ගත් 39 හැවිරිදි පුද්ගලයෙකු එතැනම මියගියේය.මෙම අපරීක්ෂාකාරී රිය ධාවන අනතුර නිසා විශාල පිරිසක් එක්වී අනතුර සිදු කළ ඩිෆෙන්ඩර රථය මුළුමණින් ගිනි තබා විනාශ කරන ලද අතර ඊට හේතුවූයේ මෙවැනි නඩු වලදී මිනීමරන තැනැත්තාට අධිකරණයෙන් නිසි දඩුවම් ලැබෙන්නේ නැති බවට පවතින පොදු විශ්වාසයයි.
එය සනාථ කරමින් මරණීය අනතුර සිදුකළ අය අද සවසම ගෙදර ගියේය.
රක්ෂණ සමාගමක කළමනාකාරයෙකු ලෙස ඉහළ තනතුරක් දරමින් ලක්ෂ සියගණනක් වටිනා ඩිෆෙන්ඩරය පැදවූ පුද්ගලයා මරණයක් සිදුකළ අනතුර සිදුකර පැය 24 ක් යන්නටත් පෙර අද දින අධිකරණයෙන් ඇපමත නිදහස ලැබීම විශේෂිතය.
46 හැවිරිදි සැකකරු ඔහුගේ දරු දෙන්නා සහ තවත් පිරිමි පුද්ගලයෙකු සමග මෙම අවස්ථාවේ රථය පදවමින් සිටි බවත් ගම්වාසීන් කල්පණා කරේ රිය පැදවූයේ 14 හැවිරිදි පුතු බවත් පසුව අනතුර අවස්ථාවේ වීඩියෝ සාක්ෂියක් මත එම අදහස වැරදි බව තේරුම් ගත් බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර
සැකකරු අධික වේගයෙන් නොසැලකිළිමත් ලෙසින් රිය පැදවීම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බව ස්ථානීය පරීක්ෂණ තහවුරු කළ බව දන්වා සිටින ලදි.
එමෙන්ම සැකකාර රියදුරු මාර්ගයෙන් දකුණු දෙසට ධාවනය කර තිබූ බවත් පැදිකරු ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ ධර්මරාජ මාවතට (දකුණට) හැරවීමට සංඥා පහන් දල්වා ඇති අවස්ථාවේදී එම ගැටීම සිදුව ඇති බවත් රථයේ වම් ප්‍රධාන ලාම්පුවේ ගැටී එම අනතුර සිදුව තිබූ බවත් කරුණු පළ කරන ලදි. ස්කූටරයේ ගිය අය එතැනම මැරුණ බවද පවසන ලදි.
මෙම සිද්ධියෙන් පසු 500 ක පමණ පිරිසක් මාර්ගයේ එක් රොක්ව වාහනය ගිනි තැබීම බරපතල තත්වයක් වූ බව දන්වා සිටින ලදි. මේ හේතුවෙන් සැකකරු එළියේ සිටීම මගින් මහජන කැළඹිලි වලට හේතුවක් විය හැකි බැවින් ඇප ලබා නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.
සිද්ධියෙන් පසු එම ස්ථානයෙන් පළාගිය රථය පැදවූ පුද්ගලයා ආරක්ෂා සහිතව නිවසේ රැදි සිටියදී අද (2) උදෑසන පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පැය කිහිපයකට පසු අධිකරණය හමුවේ ඔහුගේ නීතීඥයින් පෙනී සිටින ලදි. නීතිඥවරුන් පැවසූයේ තම සේවාදායකයා ඩිෆෙන්ඩර් රථයෙන් සිය බාලවයස්කාර දරු දෙදෙනා හා තවත් තරුණයෙක් සමගින් ගමන් කර තිබූ බවත් එකී ගමනේදී ලබාගත් වීඩියෝ ව මහත් අස්වැසිල්ලක් වූ බවත්ය. සමාජ මාධ්‍යයේ නොයෙකුත් අසත්‍ය පැතිරයාම හේතුවෙන් බොහෝ පාර්ශව අපහසුතාවයට පත්වූ බවත්ය.
කුලියාපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් බන්ධුල විජේසිංහ මහතා පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙසත් එම නඩුකරය යළිත් මේ මස 23 වනදා කැඳවන ලෙසත් නියම කළේය.
සිද්ධිය ගැන ගොසිප් ලංකා නිවුස් පෙර වාර්තා
0 Comments